27 April 2024
#දේශීය

පාර දෙපස කඩා වැටීමේ අවදානමක් ඇති ගස් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්න – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත 

පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහාම අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක්ම ඉවත් කරන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා විසින් පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයවී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හට උපදෙස් ලබාදෙන ලදි.

අද (06) පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් කඩිනම් අපදා වැළැක්වීමේ පියවර ගන්නා ලෙසත්, කඩා වැටීමේ අවදානමක් ඇති මාර්ග දෙපස ගස් ඉවත් කරන ලෙසත් අදාළ නිලධාරීන් හට උපදෙස් ලබාදී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *