• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුදු රෙදි ගලවන්න – මරික්කාර් කියයි

11 June 2018
in ක්‍රීඩා

බැදුම්කරයෙන් කොල්ල කා ඇත්තේ ජනතා මුදල් බවත්, ඒ මුදල් දැන දැනම මැතිවරණ ව්‍යාපාරවලට ගත්ත අයගේ සුදු පිරුවට පාට පක්ෂ පාට භේදයකින් තොරව ගලවා දැමිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, රුපියල් ලක්ෂ 56 ක ප්‍රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද කොටිකාවත්ත බෝගහවත්ත මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක් වෙමින්ය.

එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය “මහබැංකු බැදුම්කරය වුනේ මාර්තු මාසේ, මැතිවරණය තිබ්බේ අගොස්තු මාසේ,එතකොට මහජනතාවගේ බදු මුදල් උඩ තියෙන මහ බැංකුව කොල්ලකෑවායි කියන මතය තමයි සමාජයේ ගියේ. මාර්තු මාසේ කොල්ල කාපු සල්ලි අගොස්තු මාසේ වෙනකොට එළිවෙලා තියෙනවා. ජනතාවගෙන් කොල්ල කෑ බව දැන දැනම කවුරුහරි තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඒ මුදල් අරගෙන තියෙනවා නම්, ඒ අයගේ සුදු පිරුවට පක්ෂ පාට භේදයකින් තොරව ගලවලා දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මැතිවරණකදී ව්‍යාපාරිකයෝ අපේක්ෂකයින්ට උදව් කරනවා. ඒ ක ඇත්ත හැබැයි තමන් ගන්නේ කාගේන් ද නොගන්නේ කාගෙන් ද කියලා තමන් දැන ගන්න ඕනේ. ඒක හරියට ගම්මන්පිල මහත්තයා රුපියල් 100 ගත්තා වගේ තමයි. ඒ රුපියල් 100 ඇතුලේ කුඩුවිකුණපු අයගේ, පාතාලයින්ගේ සල්ලි තියෙන්න පුළුවන්.ඒ හා සමානයි ඇලෝසියස්ගෙන් මුදල් ගැනීම. ඒ නිසා මේ 118 එළියට දැමීම අතිශයින්ම වැදගත් වෙනවා.

මොක ද මේ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම හොරු ගානට වැටිලා තියෙනවා. ඒ අය දිහා වපර ඇහින් බලනවා. මං බය නැතිව කියනවා දේශපාලනයට ආපු වසර 03 තුළ මගේ අත් දෙකම පිරිසිදුයි ඇගිලි 10 පිරිසිදුයි.මගේ නියපොත්තේ වත් කුණු ගෑවිලා නෑ.ඒක මං වගකීමෙන් කියනවා. අනික මේවා හොද පාඩම් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලදී මුදල් ලබා ගන්න අයට. මොක ද හේතුව මැතිවරණ ව්‍යාපාරවලදී ගන්න හැම රුපියලකටම අපි වගකියන්න ඕනේ යැයි “ මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

Post Views: 7
Previous Post

පැණි වරකා ගහටත් හෙන ගහලා

Next Post

නැගෙනහිර සමුපකාර සමිති ප්‍රතිසංවිධානය කිරීමට පියවර

editor

editor

Next Post

නැගෙනහිර සමුපකාර සමිති ප්‍රතිසංවිධානය කිරීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved