27 April 2024
#දේශීය

වගා ලිඳට වැටුණූ අලියා ගොඩට ගනි

තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ලිඳකට වැටී සිටි වන අලියා පැය 20 කට පමණ පසු ගොඩට ගැනීමට වනජීවී නිළධාරීන් ඊ‌යේ (05) පස්වරුවේ කටයුතු කර ඇත.

තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ලිඳකට ඊයේ (04) රාත්‍රියේ වැටුණු වන අලියකු ගොඩ ගැනීම සඳහා අද (05) දවස පුරා වන ජීවී නිළධාරීන් උත්සහ කළද පස්වරු 05.00 පමණ වන අලියා ගොඩට ගැනීමට හැකි විය.

මෙම වන අලියා තිරප්පනය, වෙල්ලමුදාව ගම්මානයේ නිවසක ගෙවත්තක තිබූ අනාරක්ෂිත වගා ලිඳකට ඊයේ (04) රාත්‍රී 8.00 ට පමණ වැටී ඇති අතර, ඒ පිළිබඳව නිවැසියන් හා ගම්වාසීන් වන ජීවී නිළධාරීන් දැනුම්වත් කර ඇත.

ඒ අනුව වන ජීවී නිළධාරීන් පැමිණ අදාළ ස්ථානය නිරීක්ෂණය කර ඇති අතර, අලියා නිරුපද්‍රිතව වගා ලිඳ තුළ සිටීම හේතුවෙන් අද දින (05) බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වගා ලිදෙහි බැම්ම කපා වන අලියා ගොඩට ගැනීමට සැලසුම් කර තිබිණි.


මෙම වගා ලිඳ අඩි 30 කට ආසන්න ගැඹුරකින් යුතු විශාල වගා ලිඳක් වන අතර, අද (05) ට පමණ බැකෝ යන්ත්‍රයක් රැගෙන විත් වගා ලිඳ අසල පස් තට්ටුව ඉවත් කිරීමට ආරම්භ කළ නමුත් වගා ලිඳෙහි පවතින ගැඹුර හේතුවෙන් පැය ගණනක් එම බැකෝ යන්ත්‍රයට මගින් එම කටයුත්ත සිදු කිරීමට සිදු විය.

ඡායාරූප සහ වාර්තාකරු – තිසර සමල් – අනුරාධපුර

 

 

පෙර පුවත් 

 

අලියා වගා ලිදේ පැය 20 ක් … වන ජීවී නිළධාරීන් බැකෝ හොයයි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *