ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තඹුත්තේගම මූලික රෝහලේ සුළු සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් රෝහලේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට නව සේවකයින් බඳවා නොගැනීම සහ වාර්ෂික ස්ථාන මාරු ලබාදීමේදී මතුව ඇති ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම ක්රියාමාර්ගයට එළඹ ඇත.
වෘත්තීය ක්රියාමාර්ගයේ නිරත සේවකයින් අද (13) උදෑසන රෝහල ඉදිරිපිට විරෝධතාවකද නිරත වී තිබේ.














