බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 18ක් තංගල්ල පොලිසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි මෙම ටිපර් රථවල පිටුපස ටේලරයේ උස ප්‍රමාණය වෙනස් කර ඇති අතර එමගින් රථයේ පැටවිය හැකි නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර වැලි පටවා ප්‍රවාහනය කර ඇත. මෙවැනි නීති විරෝධී ක්‍රියා හේතුවෙන් රජයට ලැබිය යුතු බදු මුදල් අහිමි වීම, මාර්ග ඉක්මනින් අබලන් වීම සහ මාර්ග අනතුරු ඉහළ යාම වැනි ගැටලු රැසක් නිර්මාණය වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














