කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් මේ වසරේදී අතිරේක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. කොළඹ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2,500ක මුදලක් වෙන් කර ඇති අතර, මෙම සහනාධාරය මේ මස අවසානයේ සිට වතු හිමියන් වෙත ලබාදීමට නියමිතය. මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොහොර මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක් සඳහා රුපියල් 5,000ක අතිරේක සහනාධාරයක් එක් වරක් පමණක් ලබාදීමට මීට පෙර ද තීරණය කර තිබුණි.
පවතින නිෂ්පාදන පිරිවැය හමුවේ කුඩා තේ වතු හිමියන් මුහුණ දෙන ගැටලුවලට සහනයක් සැලසීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.














