• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වතු කම්කරු වැටුප 1000ක් කිරීම මාර්තුවේ ?

15 February 2020
in දේශීය

 වතු කම්කරු දෛනික  වැටුප මාර්තු මස සිට රුපියල් 1000 ක් දක්වා වැඩි කර ලබාදීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පවසයි.

 ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම් ඉදිරි දින කීපයතුළදි වතු සමාගම් සමඟ අත්සන් කරනු බලන බවත් අමාත්‍යවරයා පවසා ඇත.

ආගරපතන, ඩයගම, නට්බෝන් ප්‍රදේශයේදී  ඊයේ  (14) පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ අදහස් දක්වා ඇත.

මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඉදිකරන ලද ඩයගම, නට්බෝන් දෙමළ විදුහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මෙම උත්සවය පැවැත්විණි.

එහිදී තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා  මෙසේද පවසා තිබේ

       “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්ව  විදිහටම වතු කම්කරුවන්ගේ දිනක වැටුප වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. පසුගිය රජයේ වතුකරයේ සිටි ඇමැතිවරුන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරනවා කියා ඔවුන් රැවට්ටුවා.

වතු කම්කරුවන්ට බොරු කීවා. වතුකරයේ එම ඇමැතිවරුන්ට  වතු කම්කරුවන්ට  වැඩි කරන ලද රුපියල් 50 ක වැටුප පවා දුන්නේ නැහැ. දෙන්න බැරි උනා. 

කියන දේ කරන කරපු දේ කියන අයයි මේ රජයේ ඉන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම වතු කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප් වැඩි කිරීම මාර්තු මස සිට අපි වතු කම්කරුවන්ට ලබා දීමට පියවර ගන්නවා” යැයි කීය.

Post Views: 8
Previous Post

හමුදාපති ශවේන්ද්‍රට ඇමරිකාව තහනම් !

Next Post

හෙරෝයින් නඩු පසුගිය වසරට වඩා 64% කින් වැඩි වෙලා – ඇමැති නිමල්

editor

editor

Next Post

හෙරෝයින් නඩු පසුගිය වසරට වඩා 64% කින් වැඩි වෙලා - ඇමැති නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved