27 April 2024
#දේශීය #පුවත්

කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් දරුවන්ට ඉගැන්වීම 2025 වසරේ දී සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මකයි – ඇමැති සුසිල්

කෘත්‍රීම බුද්ධිය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය අන්තර්ගතය සකස් කර විෂය නිර්දේශය සඳහා අදාළ පරිදි විෂය මාලා සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කර අවසන් ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සාමාන්‍ය අධ්‍යාපනයට කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීම සඳහා පාසල් විෂය මාලාවට එය ඇතුළත් කිරීම මෙන් ම එය නියමු ව්‍යාපෘතියක් ලෙස පාසල්වල ඉගැන්වීම ආරම්භ කිරීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශය හා මයික්‍රොසොෆ්ට් ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති වැඩසටහනට සහභාගී වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශය එක් ව මෙම යෝජනාවට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත.

අමෙරිකානු තානාපති ජූලි චංග්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය තාක්ෂණ අමාත්‍ය කනක හේරත් යන මහත්ම මහත්මීන් සහ මයික්‍රොසොෆ්ට් ආසියානු කලාපීය අධ්‍යාපන සාමාන්‍යාධිකාරී ලැරී නෙල්සන් මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී ව සිටියහ. මෙම ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශ පාර්ශ්වයෙන් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අත්සන් තැබූ අතර මයික්‍රොසොෆ්ට් ආයතනය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හර්ෂ රන්දෙණිය මහතා විසින් අත්සන් කරන ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *