තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලැබූ තලපති විජේ මහතා හෙට (07) දින මහ ඇමති ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති පසුබිමක, ඒ පිළිබඳව සිය හැඟීම් ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
“මගේ අයියා ජෝසප් විජේ, ඉතිහාසගත ජයග්‍රහණයෙන් පසු හෙට තමිල්නාඩුවේ මහ ඇමති ලෙස දිවුරුම් දෙනවා. ඒක මගේ ඇස් දෙකෙන් බලන්න ඕනේ, ඒක තමයි මගේ අවසන් කැමැත්ත” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙයට පෙර ජීවන් තොන්ඩමන් මහතා ද පාර්ලිමේන්තුවේදී විජේ මහතා වෙත සිය සුබ පැතුම් එක් කර තිබුණි.














