“රට හදන ජනබලය – පෙළගැසෙන ජනබලය” තේමාව යටතේ තෙලිජ්ජවිල කොට්ඨාස සභාව ප්‍රතිසංවිධානය කිරීම සහ ජන හමුව ඊයේ (අගෝස්තු 29) දින පස්වරුවේ සාර්ථකව පවත්වා තිබේ.
මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලන්ත රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජන හමුව සඳහා තෙලිජ්ජවිල කොට්ඨාස මන්ත්‍රී චරිත් අතපත්තු, තෙලිජ්ජවිල සහ කඩුකන්න ප්‍රජාශක්ති සභාපතිවරුන් ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසක් සහභාගී වී ඇත.














