ග්‍රාම නිලධාරි වසම් 42ක පවුල් 25,000කට සුරක්ෂිත පානීය ජලය සපයන තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය එළඹෙන ජූලි 10 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.රුපියල් බිලියන 32ක වියදමින් ක්‍රියාත්මක තඹුත්තේගම පානීය ජල ව්‍යාපෘතිය මගින් කිවුල් ජලය භාවිත කිරීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සුරක්ෂිත පානීය ජලය ලබාදීමට හැකියාව ලැබෙන අතර, එය හඳුනා නොගත් වකුගඩු රෝගය වැළැක්වීමට සහ එම ගැටලුව අවම කිරීමට දායක වනු ඇත. කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, කහටගස්දෙණිය සහ පදවිය වැනි ප්‍රදේශවල ජනතාවට මෙයින් විශාල සහනයක් සැලසේ. පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා මෙම වසර තුළ පමණක් රජය රුපියල් බිලියන 175ක මුදලක් වෙන් කර ඇත. තවද, ජපන් රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක කැබිතිගොල්ලෑව ජල සම්පාදන ව්‍යාපෘතියද ජූලි 10 වැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














