• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීමේ බහු ආංශික යාන්ත්‍රණයේ දෙවැනි රැස්වීම පැවැත්වේ

21 June 2026
in දේශීය, පුවත්
ළමා අපයෝජන සිද්ධීන්  අවම කිරීමේ  බහු ආංශික යාන්ත්‍රණයේ  දෙවැනි රැස්වීම පැවැත්වේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සහ ළමා ආරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා ස්ථාපිත කරන ලද බහු ආංශික යාන්ත්‍රණයේ දෙවැනි රැස්වීම, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී ගනු ලැබූ ප්‍රධාන තීරණ සහ සාකච්ඡා වූ කරුණු රැසක් පවතී. පළමුව, පොලිසිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු ළමා ආරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනවල පවතින නිලධාරී පුරප්පාඩු, නඩු කටයුතු ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් බව කමිටුව හඳුනා ගත්තේය. එම බඳවා ගැනීම් කඩිනම් කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන වෙත නිර්දේශ නිකුත් කිරීමට එකඟතාව පළ විය.
දෙවනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ පිහිටුවා ඇති පොලිස් ඒකකය ද්විතීයික පදනම යටතේ අනුයුක්ත කර ගැනීම හරහා වඩාත් ස්වාධීන කිරීමේ යෝජනාව සාකච්ඡා වූ අතර, එය ආයතනික මට්ටමේ සාකච්ඡා සඳහා යොමු කිරීමට නිර්දේශ විය. තෙවනුව, උතුරු මැද සහ දකුණු පළාත්වල උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගෙන ඒවා ලබාදීමේ වැඩසටහන සාර්ථකව අවසන් කර ඇතැයි පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වාර්තා කළේය. ඉදිරියේදී වතු ආශ්‍රිත සහ ධීවර ප්‍රදේශවල ලියාපදිංචි සහතික නොමැති පවුල් සහ දරුවන් සඳහා ජංගම සේවා හරහා එම සහතික ලබාදීමට පියවර ගනු ඇත.
මීට අමතරව, ළමුන් පිළිබඳ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ළමා මහාධිකරණ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. පාසල් දරුවන් වෙනුවෙන් දැනට ක්‍රියාත්මක 1929 සහ 109 යන උපකාරක සේවාවන්ට අමතරව, 1926 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ද ප්‍රවර්ධනය කිරීමට තීරණය විය. අවසාන වශයෙන්, බහු ආංශික යාන්ත්‍රණය බිම් මට්ටම දක්වා ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සාමාජිකයින් හඳුනා ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් සකස් කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වෙත වගකීම පැවරිණි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරියට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, රිජ්වේ ආර්යා ළමා රෝහල, පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සහ අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාතික අධිකාරියේ උසස් නිලධාරීන් එක්ව සිටියහ.
Post Views: 8
Previous Post

ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඇමරිකාව එක්ව පුහුණු අභ්‍යාසයක

Next Post

පළාත් සභා මැතිවරණයක් නොමැතිව දශකයක්.. පත්වීම් බලයෙන් පාලනය වන පළාත් සභා පද්ධතිය

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් සභා මැතිවරණයක්  නොමැතිව දශකයක්..  පත්වීම් බලයෙන් පාලනය වන  පළාත් සභා පද්ධතිය

පළාත් සභා මැතිවරණයක් නොමැතිව දශකයක්.. පත්වීම් බලයෙන් පාලනය වන පළාත් සභා පද්ධතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved