27 April 2024
#දේශීය

2022 ජාතික යොවුන් තෛපොංගල් දින උළෙල ඇමැති නාමල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

2022 ජාතික යොවුන් තෛපොංගල් දින උළෙල තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 01 සහ 02 දිනයන්හී පුත්තලම උඩප්පුව මහා කෝවිල් පරිශ්‍රයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි .

මෙය තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ,ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රි ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කෙරිණි.

දිස්ත්‍රික්ක සියල්ලම නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසක් ඊට එක්ව සිටි අතර ,ඔවුන් මරදාන දුම්රිය ස්ථානයේ සිට පුත්තලම දක්වා විශේෂිත දුම්රියකින් රැගෙන යාමටද ජාතික තරුණ සේවා සභාව කටයුතු යොදා තිබිණි .

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා, ශ්‍රි ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් දිල්ශාන් චතුරංග ජයකුරු මහතා ඇතුළු සභා අධ්‍යක්ෂවරුද එක්ව සිටියහ .

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *