27 April 2024
#දේශීය

සුවසිරි පුර ඖෂධ නිෂ්පාදන කලාපයේ පළමු ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවට මුල් ගල තැබේ

සුවසිරිපුර ” ඖෂධ නිෂ්පාදන කලාපයේ පළමු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල් තැබීම මහාචාර්ය චන්න ජයසුමන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

රට හදන ” සෞභාග්යයේ දැක්ම ” ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පෙන්වා දී ඇති පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රට තුළ නිෂ්පාදනය කල හැකි සියලුම ඖෂධ දේශිය ආයෝජකයින්ගේ දායකත්වය මත ශ්‍රී ලංකාව තුලම නිෂ්පාදනය කිරීමේ වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වේ.

දේශිය ආයෝජකයින් සඳහා ස්ථාපිත කරනු ලබන පළමු ඖෂධ නිෂ්පාදන කලාපය ඔයාමඩුව ” සුවසිරිපුර ” වන අතර මෙම කලාපයේ ආයෝජනය කිරීමට දේශිය ආයෝජකයින් 20 දෙනෙකු මේ වන විට තෝරාගෙන ඇත.

ඒ අතුරින් පළමු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ලෙස ” නියෝලීනා හෝල්ඩින් පුද්ගලික සමාගම ” ඉදිකිරීම් කටයුතු ආරම්භ කරයි. ඒ සඳහා ඔවුන් රුපියල් මිලියන 50 ක ආයෝජනයක් සිදු කිරීමට නියමිතය. දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමට මෙමඟින් අපේක්ෂා කරනු ලබයි.

මෙම ඖෂධ නිෂ්පාදන කලාපය මඟින් මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50% ක් පමණ නිශ්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් විදේශ විනිමය ඉතිරි කර ගැනිමට මනා පිටිවහලක් වේ.

මෙම අවස්ථාවට නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ සභාපති,නියෝලීකා හෝල්ඩින් පුද්ගලික සමාගමේ සභාපතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *