27 April 2024
#දේශීය

මෙරට 21 වන කොරෝනා මරණය සිදුවිය

ශ්‍රී ලංකාවෙන් 21 වන කොවිඩ් -19 මරණය ඊයේ (31) දින වැලිසර ළය රෝහලේදී සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මියගිය රෝගියා වයස අවුරුදු 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අධි රුධිර පීඩනය සහ ස්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය 23 වැනිදා රෝහල්ගත වී ඇති බවය.

පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන නොමැත නමුත් ඊයේ (31) දින ඔහු මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී කළ දෙවැනි PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

 

 

පෙර පුවත 

 

මෙරට කොරෝනා 20 වන මරණය සිදු වෙයි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *