27 April 2024
#දේශීය

සභාපතිවරු සිව් දෙනෙකුගේ සහ තානාපතිවරුයෙකු‌ගේ පත් කිරීම් සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි

ආයතන සභාපතිවරු සිව් දෙනෙක් සහ තානාපතිවරයෙකුගේ පත්වීම් වලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (05) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ අනුව, කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කාන්ඩීපන් බාලසුබ්‍රමනියම් මහතා පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී තිබේ.

එමෙන්ම, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස උපුල් ධර්මදාස මහතාගේ පත්වීමටත්, ජාතික කඩදාසි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස කේ.ඒ.විමල් රූපසිංහ මහතාගේ පත්වීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදුන් බව මහලේකම්වරයා සඳහන් කළේය.

එයට අමතරව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස එම්.ඩී. මහින්ද සාලිය මහතා සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස කොමදෝරු (ඉංජිනේරු)එච්. එස්. බාලසූරිය මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, මෙම රැස්වීමට අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රිෂාඩ් බදියුද්දීන් සහ ගරු ධර්මලිංගම් සිද්ධාර්තන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *