27 April 2024
#ව්‍යාපාර

1980 දී යාපනෙන් ටොරන්ටෝවට ආ දැවැන්ත ව්‍යාපාරිකයා

1980 මුල්කාලයේ යාපනයේ ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රගුණ කරමින් දැව කර්මාන්තයෙන් තම ජීවිකාව සරිකරගත් පවුලක දඩබ්බර කොලු ගැටයා කුලා සෙල්ලතුරේ නම් විය.

තමාගේ සහෝදරයන් සමඟ හරිහරියට දැව නිර්මාණ කරමින් අලෙවි කිරීම ඔහුගේ විනෝදාංශය වූ අතර තම පියාගේ මිතුරෙකුගේ නිවසක ගෙවදීමට අදාළ බඩු මුට්ටු කැටයම් කරමින් විකුණු කුලා තමාගේ සිහිනය වූ මෝටර් සයිකලයක් මිල දී ගත්තේ තම සහජ ව්‍යාපාරික කුසලතාවයන්ට පළමු මාවත එළිපෙහෙළි කරමිනි.

තම ව්‍යාපාරික කුසලතාවයන්ට මංහෙළිපෙහෙළි කරගනිමින් තිබිය දී 1985 යාපනයේ ත්‍රස්තවාදී කලබල උත්සන්නවීමත් සමඟ තම සිහින බයිසිකලය ද විකුණා දමා ඉන්ට්‍රසිටි දුම්රියේ නැඟී තම ජීවිතයේ හැරවුම් ලක්ෂය කරා ගමන් කරන්නට විය. එය ටොරන්ටෝව වේ යැයි ඔහු සිහිනෙන්වත් සිතුවේ නොමැති බව කුලා පැවසීය.

ටොරන්ටෝවට පැමිණි කුලා පරිපාලනය පිළිබද උපාධි පාඨමාලාවකට ඇතුළත් වූ අතර වෘත්තීය පාඨමාලා කිහිපයක් ඒ අතරතුර හදාරමින් වෘත්තීමය වශයෙන් හෝටල් කළමනාකාරීවරයෙක් ද, ජීවිතාරක්ෂක උපදේශකයකු වශයෙන් ද තම වෘත්තීය ගමන් මඟ සකසාගත් අතර 1991 දී කුලා තම ප්‍රථම ව්‍යාපාරය ආරම්භ කළේය. තම මිතුරෙකු හා එක් වෙමින් ඔහුගේ වාහනයෙන් භාණ්ඩ බෙදාහැරීමේ ප්‍රධාන පෙළේ ආයතනයක් හා සම්බන්ධ වෙමින් ඉතා සුළුවෙන් තම ව්‍යාපාරය ඇරඹි අතර යාපනය සිට තමා පැමිණි ගම දුම්රිය සමඟ සිහිපත්වන්නට ඔහු Interciti Logistics නමින් තම ව්‍යාපාරය කැනඩාවෙන් ඇරඹිය. නෝත්යොර්ක්, පසු කරමින් ටොරන්ටෝව පුරා භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සිදු කරන අතර තම මිතුරා සමඟ මිළ දී ගත් පැරණි වෑන් රථයෙන් තම සේවා ස්ථානයෙන් ලබාගත් භාණඩ ස්ථානයක් වෙත රැගෙන යමින් අදවනවිට ලොව ප්‍රධාන පෙළේ අන්තර් ජාතික ආයතන රැසක් සම්බන්ධ වෙමින් තම සේවා ජාලය පුළුල් කර ගැනීමට කුලා සමත් වී ඇත.

1998-2000 කාලයේ දී සමඟ තම පරිගණක බෙදාහැරීමේ ආයතන සමග තිබූ ගණුදෙනුවලින් විශාල ගැටළු රැසකට කුලා සහ සගයාට මුහුණදීමට සිදු විය.

තම අප්‍රතිහක ධෛර්්‍යය සමඟ හිසඑස වූ කුලා ශ්‍රී ලංකා කැනඩා ව්‍යාපාරික සංසදයේ සභාපති වශයෙන් තේරී පත් විය. කුලා අද ටොරන්ටෝවේ ප්‍රධාන ව්‍යාපාරික ආයතන තුනක හිමිකරුය. නෙට්වින් සොලූෂන්, නෙට්වින් ආයතනය සහ ඉන්ටර්සිටි ලොජිස්ටික්ස් බහුජාතික සමාගම් රැසක සේවාසැපයුම්කරුවා බවට පත් වී තිබේ. සිංගප්පූරුවේ ලද අත්දැකීම් සහ තම සහජ කුසලතාවය සමඟ ඔහු සහතිකලත් ව්‍යාපාරික පුහුණුකරුවෙකු ලෙස පත්වන්නේ 2012 වසරේදී ය. ඔහු දෙවන එලිසබෙත් රැජින අනුස්මරණ දියමන්ති ජුබ්ලි සැමරුම් ත්‍යාගයෙන් ද, 2013 දකුණු ආසියාවේ හොදම ව්‍යවසායකයන් 25 දෙනා වෙනුවෙන් පිරිනැමෙන සම්මානයේ හිමිකරුවාද විය.
තම ව්‍යාපාරික ඥානය ලොවට බෙදාදීමට ඔහු ර්‍ණ්ජඑසදබ ඛැ්ාි එද ීමජජැි” ක්‍රියාව සාර්ථකත්වයට හේතු වේගනමින් නිව්යෝර්ක්හි ප්‍රධාන පෙළේ ලේඛකයෙකු වන රේමන්ඞ් ආරොන් සමඟ එක් වී රචනාකරන ලද කෘතිය ලොව වැඩියෙන් ම අළෙවිවන කෘතීන් අතරට එක් විය.කුලා ලංකාව ගැන දිනමිණට පවසන්නේ මහත් අභිමානයකනි. ලංකාව මන් ඉපදුන රට. මට විශාල කැක්කුමක් තියෙනවා ලංකාව ගැන, “ලංකාවේ ව්‍යාපාරිකයන්ට උදව් කරන්න, ඔවුන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට. දකුණු ආසියාවේ ඉතාම ඉහළ සාක්‍ෂරතාවයක් තියෙන රට ලංකාව. අපිට ඕනි ශක්තිමත් පදනමක්” ඕනෑම ප්‍රජාවකගේම පොදු අරමුණු හා නිදහසට ගරුකරන පොදුවේ ආර්ථික තිරසාරභාවය සුරක්‍ෂිතකරන ස්වයං ආර්ථික ක්‍රමවේදයක් රටතුළ ගොඩනැඟීමට අවශ්‍යය සියලුම සහයෝගය ලබාදෙන බව පවසන කුලා කැනඩාවේ ජීවත්වන වටපිටාව ගැන පවසන්නේ ඉතා උද්යෝගයකිනි.
ර්‍ණමං අවුරුදු 30ක කාලයක් තිස්සේ ජීවත් වෙන්නේ ටොරන්ටෝවේග මගේ අසල්වැසියන් පාකිස්ථාන, බංගලාදේශ, පෝලන්ත, නේපාල, බල්ගේරියන් වැසියන් . ඒ සියල්ලන් ම අන්‍යයන්ට ගරුකරන පරිසරයක් කැනඩාව තුළ වර්තමානයේ ගොඩනැඟී ඇත. වසරකට සරණාගතයන් 35 000ක් පමණ කැනඩාවේ ස්ථිර පදිංචියට පැමිණෙන අතර දේශපාලන, ආර්ථික තිරසාරභාවය, ප්‍රජාවගේ සුරක්‍ෂිතභාවය තහවුරු කරන රටක් බවට ලෝකයේ ම පිළිගෙන ඇත. දකුණු ඇමරිකානු කලාපයේ 2019 වසරේ දළ ජාතික ආදායම වසරකට ඩොලර් 46,293 ල 1.76ක වර්ධන වේගයක් පවත්වා ගෙන ඇත ”
ලෝකයේ බොහෝ රටවලට සාපේක්‍ෂව ඇමතිවරු තම මෝටර් රථයෙන් කිසිදු ආරක්‍ෂක රථයක් නොමැති ව ගමන්බිමන් යන වාතාවරණයක් කැනඩාව තුළ සැකසී ඇති බව කුලා පවසන්නේ දීප්තිමත් අනාගතයක් ලංකාව සතුවිය යුතු බවට ඉඟි කරමිනි.

කුලාගේ ජීවිත කතාවේ පරමාදර්ශී චරිතය බවට පත්ව ඇත්තේ නෝත් පොයින්ට් විශ්ව විද්‍යාලයේ සභාපති වශයෙන් කටයුතු කරන ලෙබනන් සම්බවයක් සහිත ඇමරිකානු ජාතික සුප්‍රසිද්ධ දේශකයෙකු වන නිඩෝ ආර්. කුබෙයින් ය.
මේ දක්වා ලොවපුරා තම ධනාත්මක චින්තනයන් ඉදිරිපත් කළ කුබෙයින් ලොවපුරා සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

ලෝකයේ පිළිගත් ව්‍යාපාරික ජීවිත දෙස බලන විට ඔවුන් තම ජීවිතය,
■ සම්බන්ධතාවයක් : Connection
■ සහයෝගීතාවය : Collaboration
■ නිර්මාණය : Creation

මත රඳා පවතින අතර කුලාගේ ජීවිතයේ ආදර්ශ පාඨය ද එය මත සැකසී ඇත. කුලාගේ කතාවේ අවසාන භාගය ඔහු වෙන් කරන්නේ ලංකාවේ තරුණ ව්‍යවසායකයන් වෙනුවෙනි.

“ඔබගේ ඉලක්ක සකසා ගැනීමේ දී පැහැදිලි යා හැකි ඉලක්ක වෙත ගමන් කරන්න, මුදල් ප්‍රවාහයන්/ ආදායම ඔබ වෙතට ගලා ඒවි. නමුත් ඔබ ඔබගේ ගමන් කරන්න. නිරන්තරයෙන් ම අලුත් මාවත් විවෘත කරන්ට උත්සාහකරන්න ඒයින් ඔබව ප්‍රබෝධමත් වේවි. සතුට ප්‍රබෝධය රඳවාගත් තාරුණ්‍යයේ සැමදාම ජීවත්වන්න. වයස එයට බාධාවක් නොවේවි. නමුත් ඔබ ඉදිරියට ගමන් කරන්න”
2025 වන විට නෙට්වින් ආයතන 30ක් ලොවපුරා ආරම්භ කිරීමට අපේක්‍ෂාවෙන් පසු වන කුලා,

 එය සිදුවූයේ කෙසේ ද?
 එය සිදුවූයේ ඇයි ?

යන්නට නිරන්තරයෙන් පිළිතුරු සෙවීමට උක්සුක උව හොත් ඔබේ ගමන බාධා රහිත ගමනක් වේවි-

 

සැකසුම‐ කැනඩාවේ සිටින අප විශේෂ වාර්තාකරු යෝගා ගල්හේන

Leave a comment

Your email address will not be published. Required fields are marked *