• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් මහතාගේ දේහය අද පාර්ලිමේන්තුවට

30 March 2023
in දේශීය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය, අවසන් ගෞරව දැක්වීම පිණිස හෙට (30) පෙරවරු 9.00 ට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

ඒ අනුව පෙ.ව 8.45 වන විට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු අදාළ සියලු පාර්ශවයන්හි පැමිණීම අපේක්ෂා කෙරේ.

පෙ.ව.9.00 ට පමණ ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය රැගත් අවමංගල රථය පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැටපෙළ අසලට පැමිණීමට නියමිතය.

මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා, පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් දේහය බාරගෙන, වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකොට ගනිමින් රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි විශේෂ උත්සව ශාලාවෙහි තැන්පත් කිරීමට නියමිතව තිබේ.

ඒ මහතාගේ දේහය පෙරවරු 9.00 සිට පෙරවරු 10.00 දක්වා එහි තැන්පත් කොට තැබෙන බවද මහ‍ ලේකම්වරයා පැවසීය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිතය.

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට, තානාපති නිලධාරීන්ට මෙන්ම පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට , හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩලවලට සහභාගීවන ලෙස මහ ලේකම්වරයා දන්වා සිටී.

1941 සැප්තැම්බර් 15 වන දින උපත ලැබූ ගරු ජෝශප් මයිකල් පෙරේරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි කථානායකවරයා ලෙස 2001 දෙසැම්බර් 19 සිට 2004 පෙබරවාරි 7 දක්වා කටයුතු කළේය.

1964-1967 ජා-ඇල නගර සභාවේ තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් ලෙස සක්‍රීය දේශපාලනයට එක්වූ ඒ මහතා පසුව 1967-1970 ජා-ඇල නගර සභාවේ උප සභාපති ලෙස පත් වි 1970-1971 ජා-ඇල නගර සභාවේ සභාපති හා 1971-1976 විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේය. 1976-1977 පළමු ජාතික රාජ්‍ය සභාවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හා 1977-1978 දෙවන ජාතික රාජ්‍ය සභාවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද 1978-1988 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් ලෙසද ඒ මහතා කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව ඒ මහතා 1989 සිට 2015 දක්වා පාර්ලිමේන්තු නියෝජනය කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය , කම්කරු අමාත්‍ය , ධීවර අමාත්‍ය ඇතුළු අමාත්‍යධුර ගණනාවක්ද හෙබවීය.

Post Views: 13
Previous Post

රිටිගල වනජිවි ආරක්ෂක නිලධාරියෙකු වනඅලි පහරදීමෙන් මියයයි

Next Post

2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණ දැනුමෙන් සන්නද්ධ විය යුතුයි – ජනපති

editor

editor

Next Post

2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණ දැනුමෙන් සන්නද්ධ විය යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved