27 April 2024
#දේශීය

රීෂාඩ්ව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි කරවන්නැයි CIDට දන්වයි

අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි මෙම දැනුම්දීම සිදුකර තිබෙන බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

ලබන මැයි 04 සහ 05 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇති බැවින් පෙ.ව 9.30 වන විට මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට කැටුව ඒමට කටයුතු කරන ලෙසද දන්වා තිබේ.

එමෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව බදියුදීන් මහතාව පාර්ලිමේන්තුවට රැගෙන ආයුතු බවද ප්‍රනාන්දු මහතා විසින් වැඩිදුරටත් දන්වා ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *