• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටට ඕන හොරකම් කරන්නේ නැති කෙනෙක්

8 July 2018
in ක්‍රීඩා

උතුරට ප්‍රභාකරන් කෙනෙක්වත් – දකුණට හිට්ලර් කෙනෙක්වත් හරියන්නේ නැති බවත් රටට අවශ්‍යය කරන්නේ රටට ආදරය කරන, හොරකම් කරන්නේ නැති මනුස්සකම තියෙන ප්‍රජාත්‍රන්තවාදයට ගරු කරන පුද්ගලයෙක් බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (07) ” දියවර නෑයෝ ” ජාතික වැඩසටහන රාජාංගනය ගොවි ව්‍යාපාරයෙන් සමාරම්භක අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ විජයකලා මන්ත්‍රීතුමිය පසුගියදා ත්‍රස්තවාදය මෙරට තුළ නැවත ඇති විය යුතුයි යන බවට සිදු ප්‍රකාශයට අපි එක හෙළාම විරුද්ධයි.උතුරු ප්‍රදේශයට කොතරම් සංවර්ධනයක් කරලා තියෙනවාද කියන කාරණාව සම්බන්ධයෙන් අපි කැමතියි ඕන කෙනෙක් එක්ක තර්ක කරන්න.අවුරුදු 35 ක් තුළ සංවර්ධනය නොවුන එක ඇත්ත, හැබැයි මේ යුද්ධය අවසන් වුණාට පස්සේ, ඒ කාළසීමාව තුල, උතුරේ වෙලා තියෙන සංවර්ධනයයි, නිදහසින් පස්සේ දකුණේ සිදු වෙලා තියෙන සංවර්ධනයයි ගත්තාම අපි ඉතාම ආඩම්බරයෙන් කියනවා මේ වන විට අපි උතුර දියුණු කරන්න විශාල වැඩ කොටසක් කරලා තියෙනවා.විශේෂයෙන්ම හමුදාව සතු ඉඩම් ටික නැවත දෙමළ ජනතාවට ලබා දීමත්, දෙමළ ජනතාව ලබපු ලොකු ජයග්‍රහණයක්.

තෙල්-මිළ එක් දිනක් තුළ අඩු-වැඩි වීම සම්බන්ධයෙන් ජනතාව තුළ ගැටලුවක් පවතිනවා.නමුත් තෙල් මිළ – මිළ සූත්‍රයක් එක්ක යන්නේ.ඒක ටිකක් හුරු වෙනකම් මෙහෙම දේවල් වෙයි.මිළ සූත්‍රයක් තියෙනවා නම් ඒ සූත්‍රය අනුව තෙල් මිළ ඉහළ යන්න වගේම පහළ යන්නත් පුලුවන්.

පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනාවක් තිබෙනවා. අපි කිසිම මැතිවරණයකට භයක් නෑ.නමුත් පළාත් සභා මැතිවරණය පවත්වන්න ඕන නව ජන්ද ක්‍රමවේදයට.ප්‍රාදේශීය සභා ජන්දය පැවැත්වූයෙත් අලුත් ජන්ද ක්‍රමයට, එහෙම නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න ඕනත් අලුත් ජන්ද ක්‍රමයට, මේ පිළිබඳව පක්ෂත් එක්ක කථා බහක් තියෙනව. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ එන ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු කියන මැතිවරණ සියල්ලම මනාප ජන්ද ක්‍රමයෙන් බැහැර වෙලා ආසන ක්‍රමයට පවත්වන්න.

ඒ මැතිවරණ ක්‍රමය පක්ෂයට පාඩුද ලාභද කියන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි.රටක් විදිහට ප්‍රථිපත්තිමය තීන්දු තීරණ ටිකක් අපි ගන්න ඕන.ඒක පක්ෂයට වාසිදායක බවට පත් කර ගන්න පක්ෂය දැන ගත යුතුයි යැයි අමාත්‍යවරයා පැවසිය.

Post Views: 13
Previous Post

ආණ්ඩුවේ සාමුහික තීරණයට එකඟයි

Next Post

මිනිස් වෙළදාමට විරුද්ධව ගන්නා පියවර ඇමරිකාවේ ඇගයීමට ලක්වේ

editor

editor

Next Post

මිනිස් වෙළදාමට විරුද්ධව ගන්නා පියවර ඇමරිකාවේ ඇගයීමට ලක්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved