• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ විප්ලවකාරී වෙනසක් රටට අවශ්‍යයි – ඇමැති පාඨලි

26 August 2018
in සංවර්ධන

පෞද්ගලික අංශයේ හැම පැත්තෙම ප‍්‍රභූ පන්තිය සතුව තිබූ ඒ බලය කි‍්‍රයා කාරී දක්ෂ, පක්ෂ ගමේ මිනිසුන්ට අත්පත් වු නමුත් දේශපාලනයේදී එය සිදු නොවු අතර එය ප‍්‍රභූ පන්තියෙන් මෙය පාදඩයින් අතට ගොස් ඇති බව කණගාටුවෙන් වුවත් කිව යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා රුපියල් මිලියන 78 ක වියදමින් ඉදිකරන ලද මහව බස්නැවතුම්පල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එම පාදඩයින් අතට ගොස් ඇති දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ වෙනසක් විප්ලවකාරී පරිවර්ථනයක් රටට අවශ්‍යයි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මට මතකයි මම පොඩිකාලේ අම්මත් එක්ක මොන්ටිසෝරි යනකොට, මුලින්ම දේශපාලන සටන් පාඨය ඇහුනේ අපේ අම්මා ළඟ එනවා, හාල් සේරු දෙක දෙනවා.’ සිරිමාවෝ මැතිණිය 1970 දි බඩට කතා කළේ. නමුත් අපි මතක තබා ගත යුතුයි බඩවල් කෝටි දෙකක් නෙමෙයි මේ රටේ තිබෙන්නේ හොඳ මොළවල් කෝටි දෙකක් අපට තිබෙනවා. ඒ මොළවලට තමයි ලෝකය අද විවෘත වෙලා තිබෙන්නේ මිත‍්‍රවරුණි. අද ලෝකයේ විශාලතම ෆේස් බුක් ව්‍යාපාරයේ හිමිකරු මාර්ක් සකර්බර්ග් ගත්තහම, ඒ මොළේ පොඩි නිර්මාණයකින් ලෝකය ජය අරගෙන තිබෙනවා. ගූගල් එක ගත්තහම සර්ජි ඒ මොලෙන් ලෝකය ජය අරගෙන තිබෙනවා. අපේ රටෙත් අපේ පාසල් දරුවන්ගේ සිට ලෝකය ජය ගන්න ඒ මාවත තිබෙනවා. දේශපාලනය කරන්න ගොස් මේ රටේ අපේ දරුවෝ පාරවල්වල මැරුණා. හෙටත් අපේ දරුවෝ පාරවල්වල මැරිය යුතු නැහැ. ගමේ අපේ දරුවන්ට, ප‍්‍රභූ පන්තියට විතරක් උරුමව තිබෙන මේ රටේ දේශපාලනයේ දොර කවුලූ විවෘත කර දෙන්න මේ රටේ ව්‍යාපාරික ලෝකයේ, රාජ්‍ය අංශයේ සහ අනෙකුත් සෑම ක්‍ෂෙත‍්‍රයේම ඇතිවූ විප්ලවීය පරිවර්ථනය පාර්ලිමේන්තුවෙත් පළාත් සභාවේත්, ප‍්‍රාදේශීය සභාවෙත් ගෙන එන්න යම් කි‍්‍රයාදාමයක්, පොඩි හරි මෙහෙවරක් අපට කරන්න පුළුවන් නම් ඒ මෙහෙවර කරන්න අපි කැපවිය යුතුයි. එනිසා බඩවල් කෝටි දෙකක් ගැන, දුප්පත් කමේ ප‍්‍රශ්න ගැන කතා කර කර ඉඳලා වැඩක් නැහැ මොලවල් කෝටි දෙකකින් මේ රට ගොඩනගන නවෝත්පාදනයේ නව මාවතට රට ගෙනයන්න අපි සියළු දෙනාම ඉදිරි කාලයේදී අධිෂ්ඨානයෙන් කටයුතු කරමු, ගම් උදාවෙන් ඔබ්බට, නගර උදාවටත් වගේම ලෝකය ජය ගන්න පුළුවන් විශ්ව උදාවකටත් රට ගෙනයන්න ඔබ සියළු දෙනාටමත්, ඔබේ දරුවන්ටත් වාසනාව උදාවේවා “ යැයි අමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 6
Previous Post

මහින්දගේ බාල සොහොයුරුගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Next Post

මාව වට්ටන්නත් බෑ ,නැතිකරන්නත් බෑ – මන්ත්‍රී මරික්කාර් කියයි

editor

editor

Next Post

මාව වට්ටන්නත් බෑ ,නැතිකරන්නත් බෑ - මන්ත්‍රී මරික්කාර් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved