27 April 2024
#දේශීය

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය සිකුරාදා අලුයම ඉවත් කෙරේ

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ජනාධිපතිවරයා උපදෙස් පරිදි ඔක්තෝබර් මස 01 වනදා උදෑසන 4ට ඉවත් කිරීමට තීරණය කල බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව ක්‍රියාත්මක කෙරෙන සිමාවන් සහ අනුගමනය කල යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් යථා කාලයේදී නිවේදනය කරනු ඇති බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසිය.

පසුගිය අගෝස්තු මස 20 වනදා රාත්‍රියේ 10 සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *