27 April 2024
#දේශීය

අතුරු අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අදින් ඇරඹෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (30) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය ( විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම ) අද (31) ආරම්භ වීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අද දක්වා කල්තබන අතර අද සිට 31, සැප්තැම්බර් 1 දිනවල පෙ.ව 9.30 සි‍ට ප.ව 5.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දිවා ආහාර විවේකයකින් තොරව පැවැත්වීමට නියමිතය.

එසේම සැප්තැම්බර් 2 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියැවීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිතව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *