• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තෙල් සම්පත සෙවීමේ මෙහෙයුම ඇරඹේ

2 September 2018
in දේශීය

ශ්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර ගැඹුරු මුහුදේ ස්වභාවික වායු සහ ඉන්ධන නිධි හඳුනා ගැනීමේ මෙහෙයුම අද (02) ආරම්භ කල බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ කොළඹ වරායට සේන්දු වූ අති නවීන BGP Pioneer නෞකාව එකී දත්ත ගවේෂණ සඳහා උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදට යාත්‍රා කිරීමෙනි.

දින හතලිස් පහක් සිය දත්ත සෙවීමේ මෙහෙයුම උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ ක්‍රියාත්මක කරන එම නෞකාව ආවරණය කෙරෙන සම්පූර්ණ ප්‍රදේශය වර්ග කිලෝමීටර් දසදහසක් වේ. මෙහෙයුම ආරම්භ කිරීමේ නිල උත්සවය අද උදෑසන කොළඹ වරාය නැගෙනහිර පර්යන්‍තයේදී පැවැත්වුණේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදි අමාත්‍ය අර්ජුන මෙසේ අදහස් පල කර සිටියේ “අපේ රට වාසනාවන්ත රටක්. මේ වාසනාවන්ත රටේ තෙල් සම්පත සහ ස්වාභාවික වායුව ඇති බවට දැනට මූලිකව හඳුනා ගෙන තිබෙනවා. දැන් අපිට අවශ්‍ය වන්නේ එම සම්පත නිශ්චිතව තිබෙන ස්ථාන සහ එහි නිවැරදි තොරතුරු ඒකරාශී කිරීම.‍ කෙසේනමුත් අවාසනාවට පසුගිය කාලයේ ඒ සඳහා වූ ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක වුණේ නැහැ. එම ව්‍යාපෘතිවල දක්නට ලැබුණේ මන්දගාමී ස්වරූපයක්. එම තත්ත්වය වටහාගෙන ඉන්ධන නිධි සහ ඛනිජ සම්පත හඳුනා ගැනීමේ ව්‍යාපෘති කඩිනම් සහ වේගවත් කිරීමට පසුගිය වසරේ මැයි මාසයෙන් පසුව අපි තීරණය කළා. ඉතාම කෙටි කාලකයින් ඊට අවශ්‍ය ගිවිසුම් පිළිගත් ජාත්‍යන්තර සමාගම් සමඟ විනිවිදබව රැකෙන අයුරින් අත්සන් කිරීමට අපට හැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙසයි අද BGP Pioneer නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ. මේ නෞකාව දින හතලිස් පහක් ශ්‍රී ලංකා මුහුදේ යාත්‍රාකරමින් ලබාගන්නා ද්විමාන භූකම්පන දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව මාස දහඅටක් තුළදී එහි වාර්තාව නිකුත් කිරීමට අප අපේක්ෂා කරනවා. එයින් පසුව අපිට ද්විමාන දත්ත රැස්කිරීම ආරම්භ කරන්න පුළුවන්…..”යි එම උත්සවය අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ඔ

 

 

Post Views: 11
Previous Post

එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා තුළින් කාන්තාවන්ට විශේෂ තැනක්

Next Post

ගෝල් මරීනා මනූෂ විරුද්ධයි !

editor

editor

Next Post

ගෝල් මරීනා මනූෂ විරුද්ධයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved