• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුපියල අවප්‍රමාණය වුණේ චීනය හා ඇමෙරිකාව අතර ඇති වෙළෙඳ යුද්ධය නිසයි ! ඇමැති මහින්ද කියයි

26 September 2018
in දේශීය

රුපියල අවප්‍රමාණය වුයේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල දුර්වලතාවය නිසා නොවන බවත් චීනය හා ඇමරිකාව අතර පවතින වෙළඳ යුද්ධය නිසා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බෙලිඅත්තේ පැවති රැස්වීමක් අමතමින් – බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායක ලෙස පත් කළ නීතිඥ උපාලි මොහොට්ටි මහතා පිළිගැනීම සඳහා මෙම රැස්වීම අමතමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ශ්‍රී ලංකා රුපියල පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම එහි අගය පහළ ගියා. රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් විවිධ අය තමන්ගේ දේශපාලන දෘෂ්ටිකෝණය මත විවිධ අදහස් පළ කරනවා. සමහරු කියනවා, රුපියල බාල්දු වුණේ මේ රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා කියලා. ඒක සම්පුර්ණයෙන් ම අසත්‍යයක්. අපි දන්නවා මේවනවිට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඩොලරය ශක්තිමත් කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබෙනවා. චීනයෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩවලට විශාල බද්දක් පනවනු ලැබුවා.දැන් චීනයත්, ඇමරිකාවත් අතරේ සීතල වෙළඳ යුද්ධයක් පටන් අරගෙන තියෙනවා. පැරණි කියමක් තියෙනවා “සංවර්ධිත රටවල්වලට හෙම්බිරිස්සාව හැදෙනකොට අපි වගේ කුඩා රටවල්වලට ඒ නිසා නියුමෝනියාව හැදෙනවා” කියලා. ඒ නිසා අපේ රුපියල අවප්‍රමාණය වීම රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා සිදුවූවත් නොව ජාත්‍යන්තරය තුළ පවතින ආර්ථික ක්‍රියාවලියක බලපෑම නිසායි. රුපියලේ අගය අවප්‍රමාණය වීම අපේ රටට විතරක් බලපාපු කාරණාවක් නෙවෙයි. ඉන්දියානු රුපියල 12%කින් ද පකිස්තානු රුපියල 5.03%කින් ද සිංගප්පූරු ඩොලරය 2.41%කින් ද පිලිපීන පෙසෝ 5.18%කින් ද යූරෝ 6.27%කින් ද තුර්කි ලිරා 22.28%කින් ද මුදලේ අගය අවප්‍රමාණය වෙලා. නමුත් ඒ රටවල මිනිස්සු ආණ්ඩුවට බනින්නේ නෑ. ඒ අය දන්නවා ඒක ආණ්ඩුවේ වැරැද්දක් නොවේ කියලා.

ඒ නිසා රුපියලේ අගය ඉදිරි කාලය තුළ තවදුරටත් අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා රජය වශයෙන් අපි පියවර රැසක් ගත්තා. වාහන ආනයනය තාවකාලිකව සීමා කළේ ඒ නිසයි. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව හෝ නැවතිය යුතුයි. එවිට විදේශ අටවලට ඇදීයන ඩොලර් ප්‍රමාණය අපිට අපේ රටේම ඉතිරි කරගත හැකියි. රජය දැන් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා.

රුපියලේ අගය පහත වැටීම පසුපස තිබෙන කථාව අපි අවබෝධ කරගත යුතුයි. අපිට අවශ්‍ය දේවල් අපේ රටේ නිෂ්පාදනය නොකර විදේශ රටවල් මත යැපීම නිසා තමයි අද අපිට මේ ඉරණම අත් වී තිබෙන්නේ. කුඩා කාලයේ බටලීවලින් අපි හදාගත්ත සරුංගලයත්, අද ගෙන්වන්නේ චීනයෙන් හා ජපානයෙන්. වෙසක් කූඩුත් දැන් ගෙන්වන්නේ ජපානයෙන්. පලතුරු ටික විතරක් නෙවෙයි අපේ රටේ හැදිච්ච කුරක්කන්, කව්පි, මිරිස්, බඩඉරිඟු, තල, අබ මේවා ඔක්කොම දැන් මේ රටට ගෙන්වන්නේ ඉන්දියාවෙන් හා බංගලාදේශයෙන්. එහෙම කරකර රුපියලේ අගය බාල්දු වුණා කියලා කෑ ගහලා ඵලක් තියෙනව ද? අපි වවාගෙන අපිම කාපු සංස්කෘතියක් අතහැර දාපු අපි වගේ රටකට මීට වඩා සිදුවිය හැකි වෙනත් දෙයක් තියෙනවද? යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේය.

 

Post Views: 6
Previous Post

රුපියල අවප්‍රමාණය වීමට රජය සාර්ථකව මුහුණ දුන් බව මුදල් ඇමැති කියයි

Next Post

ශ්‍රී ලංකාව දිහා අලුත් විදිහට බලන්න – ජනපති

editor

editor

Next Post

ශ්‍රී ලංකාව දිහා අලුත් විදිහට බලන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved