27 April 2024
#දේශීය

අඩි එකසිය පනහක ප්‍රපාතයට පෙරලුණු ලොරියේ රියදුරු මරුට

මාතලේ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දීවිල්ල පිහිල්ල අසල ලී මෝලට යාබද වංගුවේ ඊයේ (22) රාත්‍රියේ දි අඩි එකසිය පනහක් පමණ ප්‍රපාතයට ලොරි රථයක් පෙරලිමෙන් සිදුවු අනතුරිත් රියදුරු මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

පුත්තලම දක්වා ඩොලමයිට් පැටවු ලොරි රථයක් මෙසේ අනතුරට ලක් ව ඇති අතර රියදුරුට නින්ද යාම නිසා අනතුර සිදුව ඇති බව මුලික ‍පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ යටවත්ත වාලවෙල වෙල්පහල ගමිමානයේ පදිංචිව සිටි කන්දන් රාජෙන්ද්‍රන් නමැති 38 හැවිරිදි දෙදරු පියෙකි.

අනතුරුව පිළිබදව මහවෙල පොලිසිය වැඩිදුර පරක්ෂණ පවත්වයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *