27 April 2024
#සංවර්ධන

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොණරාගලින් ආරම්භ වෙයි 

 

ව්‍යවසායකත්ව හැකියාව සහ හැගීම් ජනතාව තුළ ඇති කරලීමේ අරමුණෙන් යුතුව රජය මගින් දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට සංවිධානය කර ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ  නිල සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (29) දින ආරම්භ විය. 

ඒ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මොණරාගල දී මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී. 

 
එම ප්‍රදර්ශනය ලබන  31 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය දිනපතා පෙරවරු 10.00ට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජනතාවට විවෘතව තැබේ. 

 
මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, විජිත් විජිතමුණි සොයිසා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මැතිඇමැතිවරුන් සහභගී වූ මෙම අවස්ථාවේ ඡායාරූප මේ සමග ඉදිරිපත් කරමි. 

මෙම ප්‍රදර්ශනයේ නිල සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරු 4.30ට පවත්වන ලදී. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *