• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ වියදම් රාජපක්ෂවරුන්ට බැර කරලා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

22 November 2023
in දේශීය

කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව ජිවත් කරවීමට මහා භාණ්ඩාගාරයෙන් රජයට වැඩි වශයෙන් මුදල් ලබාගැනීමට සිදුවූ බවත් රට ඒ වන විට සියලු ආදායම් වලින් මිරිකි සිටි අතර ඒ සියලු කාරණා රාජපක්ෂවරුන්ට බැර කිරිමට උත්සහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “මෙවර අයවැයෙන් සෘජුවම ජනතාවට සහන ලබාදෙන්න බැරි වුණත් වක්‍රව ඒ සහන ලැබෙන තත්වයක් තිබෙනවා. අපි දන්නවා අපේ රටේ ආර්ථික වශයෙන් 2022 ඉතිහාසයේ බරපතලම තත්වයට පත්වුණා. මෙයට හේතුව අයවැය විවාදයේ එක් එක් පිරිස එක් එක් විදිහට අර්ථකතනය කරනවා. නමුත් මෙහි ඉතිහාසය බලන්න ඕන. මේ රටේ අවුරුදු 30 ක ම්ලේච්ච ත්‍රස්තවාදය තිබුණා. ඒ ත්‍රස්තවාදය නිසා මේ රටේ විශාල ජිවිත ප්‍රමාණයක් විනාශ වුණා. ඒ වගේම දේපළ විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඒ වගේම 71 කාලයේ අවුරුදු දෙක තුනක් පහළට ගියා. එසේම 88, 89 කාලයේ මේ රට විශාල විදිහට විනාශ වුණා. ඒ වගේම මෑත කාලයේත් අරගලය මුවාවෙන් , සමහරුන් දේශපාලන අවස්ථාවාදීන් අරගලය කළ අතර, සමහරු සැබෑවට අරගලය කරනු ලැබුවා. ඒ වගේම යහපාලන ආණ්ඩුව කාලයේ වළක්වාගන්න තිබුණ සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය නවත්වා ගත්තේ නැහැ. එයින් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. සංචාරක කර්මාන්තය විනාශ වුණා. ඒ වගේම කොවිඩ් වසංගතයත් සමඟ අවුරුදු එකහාමාරක් දෙකක් රට වහලා තිබුණා. මිනිස්සුන්ට ජිවත්වෙන්න බැරිවුණ නිසා භාණ්ඩාගාරයෙන්, ආණ්ඩුවෙන් මුදල් ලබාදෙන්න වුණා. ඒ නිසා අපනයනය සම්පූර්ණයෙන්ම නැවතුණා. සංචාරක ව්‍යාපාරය නැවතත් නැවතුණා. මේ කාරණා නිසා සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකය කඩා වැටුණා. මේකත් රාජපක්ෂලාගේ ගොඩට දාන්න හදන්නේ. නමුත් රාජපක්ෂලා තමයි අවුරුදු 30 ක තිබුණු ත්‍රස්තවාදය අවසන් කළේ. ඒ වගේම උතුරු නැගෙනහිර වගේම රටේ විනාශ වු දේවල් නැවත ප්‍රතිසංස්කරණය කරන්නත් කටයුතු කළේ රාජපක්ෂවරු. උතුරු වසන්තය සහ නැගෙනහිර උදානය වැනි වැඩසටහන මෙහෙයුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා සහා අපේ ආණ්ඩුව. ඒ වගේම මේ රටට අධිවේගි මාර්ග හදුන්වා දුන්නා පමණක් නොව අධිවේගි මාර්ග හැදුවා. නමුත් අපි ඒ ඔක්කෝම කරලා අන්තිමේදි රාජපක්ෂලා උඩින් තමයි මේ හැමදේම යවන්න හදන්නේ. කෙසේ වෙතත් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට ජනාධිපතිතුමා පත්කරගෙන දැන් රට යථාතත්වයට පත්වෙමින් යනවා. මෙය මධ්‍යස්ථ අයවැයක්. සංවර්ධනයට ඉඩදිලා තිබෙනවා. මම නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මල්වතු ඔය වගේ ව්‍යාපෘති පටන් ගත්තා. ඒ වගේම මහ මෙව්නා උයනේ සංවර්ධනය කරන්න කටයුතු කරලා තිබෙනවා. හැම දිස්ත්‍රික්කයටම යම් යම් සංවර්ධන කටයුතු හදුන්වලා දිලා තිබෙනවා. ඒ නිසා කවුරු මොනවා කිව්වත් අයවැයෙන් මේ තිබෙන තත්වය උඩ අපෙත් සහයෝගය ඇතිව ජනාධිපතිතුමාට මෙය කරගෙන යන්න සහයෝගය දෙමින් පවතිනවා. ”යනුවෙන් මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 17
Previous Post

52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට ආරක්‍ෂක ලේකම්වරයා එක්වෙයි

Next Post

ජනපති රනිල්ට සහාය නොදුන්නොත් වන්දි ගෙවන්න වෙන්නේ 225 දෙනාටයි – මන්ත්‍රී වජිර

editor

editor

Next Post

ජනපති රනිල්ට සහාය නොදුන්නොත් වන්දි ගෙවන්න වෙන්නේ 225 දෙනාටයි - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved