• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වී වගා කළ ගොවි ජනතාව මේ වසරේ දී ඩොලර් මිලියන 300ක මුදලක් රටට ඉතිරි කර දුන්නා- ඇමැති මහින්ද

7 July 2023
in දේශීය

අපේ රටේ වී වගා කරන ගොවි ජනතාව ඩොලර් මිලියන 300ක මුදලක් විදේශ රටවලට ඇදී යාම වළක්වා මෙම වසර තුළ මෙරටට ඉතිරි කර දීමට සමත්වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (06) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක් අමතමිනි.

මෙම වසර තුළ ජාතික කෘෂිකර්ම අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බැවින් එම ප්‍රදර්ශනය සම්බන්ධ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා 2022 වර්ෂය තුළ මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ආනයනය කළ බව සඳහන් කළේය. මෙම සහල් ප්‍රමාණය මෙතෙක් මෙරටට වසරක් තුළ ආනයනය කළ වැඩිම සහල් ප්‍රමාණය ද වේ. එමෙන්ම මින් පෙර කිසිදු වර්ෂයක ජනවාරි මාසයේ සිට වර්ෂය අවසාන වන තෙක් මෙරටට සහල් ආනයනය කර නොමැත. මෙම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08 ආනයනය සඳහා රජය විසින් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 300කි.

නමුත් 2023 වර්ෂයේ දී මේ වන තෙක් සහල් ඇටයකවත් පිටරටින් ආනයනය කර නැත. එයට හේතුව නම් රටට අවශ්‍ය තරම් සහල් නිපදවීමටපසුගිය යල හා මහ කන්නවල දී ගොවි ජනතාව පියවර ගැනීමත්, ඒ සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර හා සහනාධාර රජය විසින් යම් අපහසුතා මධ්‍යයේ වුවත් ලබා දීමට පියවර ගැනීමයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා “ මෙම වසර තුළ අපි මෙතෙක් සහල් ඇටයක්වත් ආනයනය කර නැහැ. නමුත් 2022 වර්ෂයේ දී මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ආනයනය කළා. ඒ සඳහා ඩොලර් මිලියන 300ක් වැය කළා. නමුත් අපේ ගොවි ජනතාව මෙම වර්ෂයේ දී අපේ රටට ඩොලර් මිලියන 300ක ඉතිරි කර ගැනීමට දායකත්වය ලබා දී තිබෙනවා. රජය විසින් පසුගිය යල කන්නය සහ මහ කන්නයේ දීත්, 2023 යල කන්නයේ දීත් ගොවි ජනතාවට සහන රැසක් වගේම රසායනික පොහොරත් ලබා දුන්නා.එහි ප්‍රතිපලයක් විදියට මෙම වසර අවසන් වන විට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක අතිරික්තයක් මෙරට තුළ ඇති වෙනවා. සාමාන්‍යයෙන් වසරකට මෙරට පාරිභෝජනය සඳහා ජාතික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ලක්ෂ 24යි. නමුත් මෙම වසර අවසන් වනවිට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් අපිට ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා. එම සහල් අතිරික්තය යොදා ගැනීම සම්බන්ධව පුළුල් ලෙස කල්පනා කරන්නට අවශ්‍ය වන බවත්, අපනයනය කළ හැකි සහල් වර්ග නිෂ්පාදනය කෙරෙහි වැඩිදුර අවධානය යොමු කිරීමට කාලය පැමිණ ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Post Views: 6
Previous Post

පොලිස්පතිවරයා පත්කිරීම ඉතාමත් ඉක්මණින් – අගමැති

Next Post

රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා – ජනපති

editor

editor

Next Post

රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved