27 April 2024
#දේශීය

විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කරනවා – මනූෂ සහතිකයක් දෙයි

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට කඩිනම් පියවර ගන්නා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඕමානයේ සිව් දින නිල සංචාරයක නිරත ව සිටින අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ඇතිවන කාර්යපටිපාටි ම ය ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස, විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසට, එරට සිටින ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් කඩිනම් පියවර ගන්නා ලෙස කල ඉල්ලීමට අනුවයි.

මේ අතර ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ දී දුරස්ථ ක්‍රමයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව පමණක් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහි දී එකඟතාවයකට පැමිණියේය.

සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තා ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නිසා ඇතිවී තිබෙන ගැටලු සහ ඕමානයේ ශ්‍රමිකයන් බඳවා ගන්නා ආයතන නියෝජිතයන් මුහුණදී තිබෙන ගැටලු සඳහා දිය හැකි විසඳුම් පිළිබඳ ව ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *