• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වතු කම්කරුවන්ගේ රු 1000 වැටුප අවසන් තීරණය සතියකට කල් යයි

21 December 2020
in දේශීය

2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණය ගැනීමට තව සතියක කාලයක් ලබාදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (21) දින තීරණය කළේය.

ඒ, මෙම වැටුප් වැඩි කිරීම පිළිබඳ වතු කම්කරු නායකයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේ දි දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලිමෙන් අනතුරුවයි.

විශේෂයෙන් මෙහිදී වතු කම්කරුවෝ කම්කරු නායකයන් පෙන්වා දුන්නේ වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවයි.

එහිදී හාම්පුතුන්ගේ සම්මේලනය අදහස වන්නේ වතුකම්කරුවන් දෛනිකව අතිරේකව දලු කිලෝ 2 ක ප්‍රමාණයක් ලබා දිය යුතු බවයි.

එසේම මෙම සේවකයන්ට සේවය අවසානය පාරිතෝෂිත දීමනා ගෙවීමේදී ඔවුන් ප්‍රමාණවත් තරම් දෛනික රාජකාරි කර නැති බවයි .ඒ අනුව සෑම සේවකයෙක්ම වසරකට දින 180ක් අනිවාර්ය සේවයේ යෙදිය යුතු බවට හාම්පුතුන් විසින් මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙහි දි අමාත්‍යවරයා යොජනා කළේ දිනකට අතිරේක දළු කිලෝ එකක් දීම සහ දින 180 යෝජනාව පිළිගත හැකි බවය.එසේම කූඩ බරට හා කම්හල් අපතේ යෑම්වලට යැයි කියා වතු සේවකයන් නෙලන දළු අඩු කිරීම සාධාරණ නැති බව කම්කරු නියෝජිතයෝ පෙන්වා දුන්හ.

මේ සියලු කරුණු සලකා බලා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ කුමන තත්ත්වයක් යටතේ වුව ද වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට වන රජයේ තීන්දුව මොනම ආකාරයකින් හෝ වෙනස් විය නොහැකි බවයි.එසේම රුපියල් දහසේ අවම වැටුප ලබාදීමට නොහැකි යම්කිසි සමාගමක් වේ නම් එම වතු නැවත රජයට ලබා දෙන ලෙස ද ඇමැතිවරයා මෙහිදී දැනුම් දුන්නේය .

ඒ අනුව රජය මගින් හෝ වෙනත් කළමනාකරණ සමාගමක් මගින් හෝ එම වතු පවත්වා ගෙන යෑමට රජය සූදානම් බව මෙහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේය .

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් ,පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ,හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ ඇතුළු වතු කම්කරු නායකයන් සහ වතු සමාගම් පාලකයන් රැසක් ද අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල ගයාන් කෞෂල්‍ය මහතා ද එක් වූහ .

Post Views: 7
Previous Post

වයිබර් දශක සැමරුමට සමගාමීව විශේෂ දීමනා රැසක් හඳුන්වාදෙයි

Next Post

නව පාසල් වාරයේ ආරම්භය ජනවාරි 11 දා – අධ්‍යාපන අමාත්‍යංශය

editor

editor

Next Post

නව පාසල් වාරයේ ආරම්භය ජනවාරි 11 දා - අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved