27 April 2024
#දේශීය

ගුරු සේවය සංවෘත සේවයක් කිරීමේ, පළමු කෙටුම්පත සාකච්ඡා කර අවසන් – අධ්‍යාපන ඇමති දිනේෂ්

ගුරු සේවය සංවෘත සේවයක් බවට පත් කිරීම සඳහා, රජය ගත් තීරණය අනුව, එහි පළමු කෙටුම්පත වෘත්තීය සමිති සමග සාකච්ඡා කර අවසන් බව , සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද (08) දින, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නයකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පිළිතුරු දෙමිනි.

ඒ අනුව ඉදිරි දිනවලදී එම සාකච්ඡා අවසන් කර, එය ප්‍රකාශයට පත් කිරීම සඳහා එකඟතාවයෙන් යුතුව කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා වෘත්තීය සමිති දක්වන සහයෝගයට අමාත්‍යවරයා සිය ස්තුතියද පළ කළේය.

එමෙන්ම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම සඳහා, සියලු පාසල්වලට නියෝග නිකුත් කර ඇති බවද හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *