• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව ප්‍රමුඛතාව දී ඇත්තේ රට නිවැරදි මාවතට මෙහෙයවීමටයි – සාගල රත්නායක

23 July 2023
in දේශීය

ආණ්ඩුව ප්‍රමුඛතාව දී ඇත්තේ දේශපාලනයට නොව, රට නිවැරදි මාවතට මෙහෙයවීමට බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය (YPO) විසින් කොළඹදී සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනි.

විදේශ රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව වෙතින් මෙරට ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබාගත හැකි නමුත් එය රජයේ ප්‍රතිපත්තිය කරගත නොහැකි බව ද සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

ශක්තිමත් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයක් මෙන්ම දියුණු සංචාරක කර්මාන්තයක් රට තුළ ඇති කරමින් මෙරට ආර්ථිකය ගොඩනංවා තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කළයුතු බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා “ ඇතැමුන් රට බංකොලොත් වන තුරු බලා සිටින්නේ දේශපාලන වාසි ලබා ගැනීමටයි. රට සංවර්ධනය වුවහොත් ඔවුන්ට දේශපාලන වාසි ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ප්‍රමුඛතාවය විය යුත්තේ දේශපාලනය කිරීම නොවෙයි. දේශපාලනය කිරීමට වඩා රට නිවැරදි මාර්ගය ඉදිරියට ගෙන යෑමයි.එම වගකීම අපට පැවරී තිබෙනවා. රටේ තාරුණ්‍යයට යහපත් අනාගතයක් අවශ්‍යයි. මෙරට සියලු තරුණ තරුණියන්ට විදේශගත වීමට ඉඩ දිය යුතු නැහැ. ‍විදේශ රැකියාවන්හි නියුක්ත තරුණ ප්‍රජාව මඟින් ජාතික ආර්ථිකයට යම් දායකත්වයක් ලබාගත හැකි වුවත් එය රජයේ ප්‍රතිපත්තිය කරගත නොහැකියි. මෙරට තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ශක්තිමත් නිෂ්පාදන කර්මාන්තයක් මෙන්ම දියුණු සංචාරක කේෂ්ත්‍රයක් ස්ථාපිත කිරීමට අවශ්‍යයි. එහිදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට රජයේ සහාය ලබාදීමත් අවශ්‍ය වෙනවා. රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙන්ම සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට පැවරෙනවා. ඒ වගේම රටේ ජනතාවට යහපත් අනාගතයක් උදා කර දීම වෙනුවෙන් අයහපත් දේ ඉවත දැමීමට ද රජය වගබලාගත යුතුව තිබෙනවා. සමාජ සුබසාධන ප්‍රතිලාභ හිමිවිය යුත්තේ සැබවින්ම සුදුසු අයට පමණයි. ඒ නිසා සුදුසුම අයට සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමට රජය නිරතුරුවම කැපවී සිටිනවා. මෙම ප්‍රතිලාභ ලබාදීම සිදු කරන්නේ රටේ ජනතාව ගෙවනු ලබන බදු මුදල් වලින්. එබැවින් මෙම මූල්‍ය සම්පත් ඉතා වගකීමෙන් යුතුව භාවිත කිරීම අත්‍යවශ්‍යයි. දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ බැංකු කඩාවැටීම් සහ තැන්පත් මුදල් අහිමිවීම්, විශ්‍රාමික අරමුදල් දුර්වල වීම් වැනි කරුණු සම්බන්ධයෙන් පැතිරුණු කටකතා පදනම් විරහිත බව සඳහන් කළයුතුයි. අද වන විට බැංකු ශක්තිමත් වී, එම අරමුදල් නොවෙනස්ව පවතින අතර එම සියලු ප්‍රකාශ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ පොලී අනුපාතිකය දැනට පවතින මට්ටමට වඩා අඩු වන්නේ නැහැ. නියමිත ප්‍රතිශතයම ලබා දීමට රජය සහතික වී තිබෙන බව ප්‍රකාශ කළ යුතුයි. එම නිසා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන කඩාකප්පල් කිරීමට ගන්නා උත්සාහයන්ට ඉඩ නොතැබිය යුතුයි. එයට එරෙහිව නැඟී සිටීම තාරුණ්‍යයේ වගකීමක් වනවා. ජනතාවට සත්‍ය අසත්‍ය අවබෝධ කරදීමට තරුණ තරුණියන්ට සහාය විය හැකියි. ඒ තුළින් රට නිවැරදි මාවතක මෙහෙයවමින් තරුණ පරපුරට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කර දීමට හැකියාව ලැබෙනවා යැයි සාගල රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 8
Previous Post

ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රී RIA SCHRÖDER ඇමැති සුසිල් හමුවෙයි

Next Post

අලින්ගෙන් බේරෙන්නම බැරිව වගාවන් සමඟ ගෙවත්තට ගිණි දැමූ කදුරුගස්වැව ගම්වාසීන්

editor

editor

Next Post

අලින්ගෙන් බේරෙන්නම බැරිව වගාවන් සමඟ ගෙවත්තට ගිණි දැමූ කදුරුගස්වැව ගම්වාසීන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved