• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවලින් ආණ්ඩුවට කිසිදු බලපෑමක් නෑ – ඇමැති මහින්ද

20 August 2018
in දේශීය

ඒකාබද්ධ විපක්ෂය උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම තුළින් රජයට කිසිදු බලපෑමක් එල්ල කළ නොහැකි අතර එවැනි උද්ඝෝෂණවලින් සිදු වන්නේ ජනතාව අසීරුතාවයට පත්කිරීම පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉදිරි කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙල සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අද(20) දින පෙරවරුවේ ගම්පහ නයිවල සණස ශාලාවේදී පැවැත්විණ.

මෙහිදී අදහස් පල කළ අමාත්‍යවරයා කියා සිටියේ මීට දශක දෙකකට පෙර අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට කෘෂිකාර්මික අංශයේ දායකත්වය 27% ක් වුවත් එය 2018 වන විට 7.7% දක්වා පහල ගිය බවයි. ඒ සඳහා මෙම ක්ෂේත්‍රයට අදාල සියලු දෙනා වගකිව යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙලක් ලෙස ” අපි වවලයි – අපි කන්නේ ” ව්‍යාපෘතිය ආරම්භ කළේ ඒ නිසා බව ද කීය.

මෙම රැස්වීම අවසානයේදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් සිදු කිරීමට යෝජිත උද්ඝෝෂණ හා විරෝධතාවලින් ආණ්ඩුව වෙනස් කළ හැකිද යන්නයි ” ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයටත් තම පැවැත්ම සඳහා කුමක් හෝ කළයුතු බවයි. එම නිසා මෙවැනි උද්ඝෝෂණ විරෝධතාවලින් සිදු වන්නේ රජය වෙනස් කිරීම නොව විවිධ සේවාවන් ලබා ගැනීමට කොළඹට පැමිණෙන අහිංසක ජනතාව මෙන්ම රජයේ සේවකයින් ඇතුළු සමස්ත ජනතාව පීඩනයට පත්කිරීම පමණි. එම නිසා ඒකාබද්ධ විපක්ෂය මීට වඩා වගකීමකින් කටයුතු කළයුතුව තිබේ. අද ආණ්ඩු වෙනස් කිරීම උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීමෙන් කළ නොහැක. රජයේ වැරදි අඩුපාඩු ඇත්නම් ඒවා විවේචනයට හෝ මහජනතාවට දැනුම් දීමට අවශ්‍ය කරන මාර්ග තිබේ. මේ වන විට ජනමාධ්‍ය ක්ෂේත්‍රය පුළුල්ව ඇති නිසා රජයට එරෙහිව ජනතාව පෙලගස්වන්නට ජනමාධ්‍ය හොඳටම ප්‍රමාණවත් ය. නමුත් මෙවැනි උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන්නේ රජයට එරෙහිව නොව මහජනතාවගෙන් පලිගැනීම සඳහා බව අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තුන්වෙනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා ” එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වශයෙන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අනිවාර්යයෙන්ම තරඟ කරන අතර රටේ සෑම ජනකොටසකගේම මෙන්ම ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත් එකම නායකයා වශයෙන් එතුමාට ජයග්‍රහණය කිරීමට හැකියාව ඇත. එම නිසා එක්සත් ජාතික පක්ෂයට හෝ ඕනෑම පක්ෂයකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ එක්වී කටයුතු කිරීමට හැකි අතර එයට කිසිදු බාධාවක් නැත. පොහොට්ටු පක්ෂයට වුවත් ගරු ජනාධිපතිතුමා සමඟ එක්වන්නේ නම් ඊට බාධාවක් ද නැත. නමුත් හිටපු ජනාධිපතිතුමා අද කටයුතු කරන්නේ අතීතයේ දී එතුමා අමාරුවේ දැමූ පිරිසක් බව ද අමාත්‍යවරයා කීය.

Post Views: 6
Previous Post

ඇමති කිරිඇල්ල ඉන්දිය ඇමැතිනි සුෂ්මා හමුවෙයි

Next Post

ගොවිසෙත සුපිරි වරම වෙළදපොලට

editor

editor

Next Post

ගොවිසෙත සුපිරි වරම වෙළදපොලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved