• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතාව නොමග යවා ඡාවාරම්කාරයින් නැවත දේශපාලනයට එන්න හදනවා – ඇමැති සජිත්

6 September 2018
in සංවර්ධන

ජනතාවට කොළඹට එකතු වන්නැයි විරුද්ධවාදීන් පවසන්නේ නැවත වරක් ඔවුන් බලයට පැමිණ හොර ජාවාරම්කාර දේශපාලනය රට තුළ නැවත ක්‍රියාත්මක කිරීමට බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “සැමට සහන” වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, බැදිගංතොට හා ලියනගස්තොට ප්‍රදේශ යාකර වලවේ ගඟ හරහා ඉදිවන නව පාලමට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (05) දින සහභාගී වෙමිණි.   

විරුද්ධවාදීන් ජනතාව කොළඹට ගෙන්වා  උද්ඝෝෂණ සිදු කිරීමට කටයුතු කරන්නේ මෙරට පොදු ජනයාගේ යහපත උදෙසා නොව, ජනතාව නොමග යවමින් තම ජාවාරම්කාර දේශපාලනය රට තුළ නැවත ක්‍රියාත්මක කිරීමට බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

ජන දුක නිවාලීමට නැවත එනවා යන්න හිටපු ජනාධිපතිවරයා නව තේමා පාඨය වී ඇති බවත්, රටේ ජනතාව එතුමන්ට ජනපති ධූරය දෙවරක් ලබාදුන් අවස්ථාවේ ජන දුක නිවාලංනට අමතක වූයේ කෙසේදැයි තමන් විමසන බවත් අමාත්‍යවරයා පැවසීය.

දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගම හදා රට හදන සංකල්පය ජීවමානව ක්‍රියාත්මක කිරීමට යහපාලන රජය ගම් උදාව, ගම් පෙරළිය, ග්‍රාම ශක්ති හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන වැඩසටහන් ආරම්භ කර ඇති බව කී අමාත්‍යවරයා, හිටපු ජනාධිපතිවරයා දෙවරක් විධායක ජනපති ධූරයේ සිටියදී කළ නොහැකි වූ ජනතා සේවාවක් තමන් ඇමති ධූරයේ සිටියදී ඉටු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ මෙම පාලම ඉදි කිරීම සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් ලක්ෂ 2,825 කි. පාලම ඉදිවීම මඟින් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජීවත් වන පවුල් රැසකට ප්‍රතිලාභ රැසක් හිමිවේ.

මීට අමතරව සූරියවැව, විහාරගල මහ විදුහලේ දරුවන් 58 දෙනෙකුට රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා ක් වටිනා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

Post Views: 9
Previous Post

ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය සත්‍යග්‍රහය අවසන්  

Next Post

වෝටර්ස් ඒජ් අවට කලාපය විනෝදාස්වාද කලාපයක් කිරීමට පියවර – ඇමති පාඨලි

editor

editor

Next Post

වෝටර්ස් ඒජ් අවට කලාපය විනෝදාස්වාද කලාපයක් කිරීමට පියවර - ඇමති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved