• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතා සහන කප්පාදු කිරීමට ආණ්ඩුව සුදානම් නෑ – රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

20 February 2021
in දේශීය

ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස සහන පොලියට රුපියල් 10,000/= ණය දෙන්න සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන වෙත රුපියල් ලක්ෂ තුන බැගින් කුමන අභියෝග පැමිණිය ද කිසිදු ආකාරයකින් ජනතා සහන කප්පදු කිරීමට ආණ්ඩුව සූදානම් නැති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (20) උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකට එක්වෙමිනි. සමෘද්ධි ප්‍රජා මූල පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධාන කර තිබිණි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ එදා යහපාලන සමයේ දී වැඩිහිටි දීමනාව පවා කප්පාදු කිරීමට කටයුතු කළ කණ්ඩායම් අද ආණ්ඩුව ආර්ථිකමය වශයෙන් බංකොලොත්භාවයට පත්ව ඇතැයි චෝදනා නැගීම හාස්‍යයට කරුණක් බවයි.

2021 අයවැය යෝජනා යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක විවිධ ණය වැඩසටහන් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණයි. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් අධික පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීමට ජනතාව යොමුවීම වැළැක්වීමේ අරමුණෙන් සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන වෙත රුපියල් ලක්ෂ තුනක මුදලක් නිකුත් කිරීමට අදාළව මෙහි දී පුළුල් ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ‘‘අනුරාධපුර දිස්ත්‍රික්කයේ 700කට ආසන්න ග්‍රාම සේවා වසම් ප්‍රමාණයක් තියෙනවා. මුල් පියවර විදියට අපි එක සමෘද්ධි ප්‍රජා මූල්‍ය සංවිධානයකට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දෙනවා. ඒ මුදල නිසි පරිදි කළමනාකරණය කිරීම පිළිබඳ පුහුණුවකුත් ලබා දෙනවා. ඒ නිසා ගමට ඇවිල්ල දවසට 1% පොලියට ණය දෙන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියෝජිතයන්ට අද ඉඳල ජනතාවට ණය දෙන්න අවස්ථාව අඩු වෙනවා. මොකද ඊට වඩා විශ්වාසවන්ත, රජය වගකියන පිරිසක් වන ඔබ ඒ වෙනුවෙන් අපි සූදානම් කරල තියෙනවා. දැන් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ මුදල ප්‍රමාණවත් ද කියල. අපි ඕනෙ ම දේකට ආරම්භයක් ගන්න ඕනෙ. සියලු දෙනා සාකච්ඡා කරල ආරම්භයක් විදියට ලක්ෂ තුනක මුදලක් ලබා දෙන්න තීන්දු කරල තියෙනවා. අපේ ගම්වල ඉන්න අහිංසක ජනතාවට රුපියල් 5,000/=ක 10,000/=ක ණය මුදලක් බැංකුවකට නොගිහින් ලබා ගන්න මේ යටතේ අවස්ථාව ලැබෙනවා. මේ පවතින ගෝලීය වසංගතය හමුවේ, ඊට සාර්ථකව මුහුද දෙන අතරේ ජනතාව වෙනුවෙන් ලබා දෙන කිසිදු සහනයක් කප්පාදු කරන්න අපි කටයතු කරල නෑ. සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් විතරක් අපි වසරකට රුපියල් බිලියන 54ක මුදලක් වෙන් කරනවා. ඔබට හැකි නම් කවුරු හරි කියන්න ගමේ කාගෙ හෝ සමෘද්ධි මුද්දරක් අපි කපල තියෙනව ද කියල. නමුත් මේ වගේ අර්බුද නැති කාලෙකත් යහපාලන ආණ්ඩුව අපේ අම්මල තාත්තල වෙනුවෙන් ලබා දෙමින් තිබුණ වැඩිහිටි දීමනාවෙනුත් රුපියල් 100/=ක් කප්පාදු කළා. පොහොර සහනාධාරය ඉවත් කළා. දැන් මේ පැතිවල කුඹුරු කැපෙන්න පටන් අරගෙන. ආණ්ඩුව මේ වන විටත් වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරල තියෙනවා. රුපියල් මිලියන 16,500කට වැඩි මුදලක් වී මිල දී ගැනීම සඳහා වෙන් කරල තියෙනවා. ආණ්ඩුව මේ පැත්තෙන් රුපියල් 50ට වී මිල දී ගනිද්දි වෙනත් කණ්ඩායම් රුපියල් 55ට ගන්න සූදානමින් ඉන්නවා. මේ මුදල් යන්නෙ මේ රටේ ගොවි ජනතාවට අතට.”යැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. වසන්ත, දිස්ත්‍රික් සමෘද්ධි සහකාර අධ්‍යක්ෂ මහින්ද වීරකෝන් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

Post Views: 5
Previous Post

කෙප්ප ගම්මන්පිල නිසා අමාරුවේ වැටෙන්නේ ගෝඨායි !

Next Post

උඩ ගල් දෙබොක්ක ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීමට කටයුතු කරනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

editor

editor

Next Post

උඩ ගල් දෙබොක්ක ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීමට කටයුතු කරනවා - රාජ්‍ය අමාත්‍ය දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved