27 April 2024
#දේශීය

වෛද්‍ය ක්ෂේත්‍රයේ නව නිපැයුම් නිර්දේශ මත මිලදි ගැනිමට රජය සුදානම්

වසරකට කෝටි 3000 පමණ වෛද්‍ය උපකරණ මිලදි ගැනිම සදහා මුදල් වැය වන අතර ඒ අතරින් නව නිර්මාණ මිලදි ගැනිමට යොදාගත හැකිනම් එය ඵලදායි බවත් නව නිර්මාණ අතර පේටන්ට් ලබා ඇති නව නිර්මාණ ත්‍රිත්වයම අදාළ නිර්දේශ මත කඩිනමින් රජයේ මිලදි ගැනිමට කටයුතු කරන බව අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නිර්මාණය කරන ලද නව නිපැයුම් කිහිපයක් එළිදක්වමින් ඒවා වාණිජකරණය කිරිමට නව ආයෝජකයින්ගේ හමුවක් ඊයේ (21) ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම් පරිශ්‍රයේදි පැවැත්විණි.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ හා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එළිදක්වන ලද නව නිර්මාණ,

1. Microorganism Diverting and Clearing Device – කෘතීම ශ්වසන ආධාරක යන්ත්‍ර සදහා භාවිතා කල හැකි ප්‍රාශ්වාස වාතයේ අඩංගු විශබීජ හරණය කරන උපකරණය, (කොළඔ ජාතික රෝහලේ වෛද්‍ය ශෂික ආරියරත්න)

2. Video Laryngoscope – අසාද්‍ය රෝගීන් සදහා කෘතිම ස්වසනය ලබාදීමේදී අත්‍යාවශ්‍යම සහ තීරනාත්මක ම පියවර පහසු කරවන උපකරණය. (වෛද්‍ය අනුප හේරත්)

3. Microorganism Destroying & Air Filtering Unit – වාතය මගින් පැතිරයන ක්ෂුද්‍ර අංශු හා ක්ෂුද්‍ර ජීවීන් හරණය හා පෙරණය කළහැකි නව වායු පිරිසිදු කරන උපකරණය, (තුෂාන් කරුණාරත්න )

4. Bed to Trolly – ඇඳකින් ට්‍රොලියකට රෝගින් මාරුකිරිමේද රෝගියාට සිදුවිය හැකි තුවාල හා අපහසුතා අවම කිරීම සඳහා වන උපකරණ, (ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය පී. එම්. ටී. බණ්ඩාර මහතා ඇතුඵ පිරිස)

 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය එන්.එම්.එස් සිරිමුතු මහතා, නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නියෝජ්‍ය කොමසාරින් මහාචාර්ය නීලීකා මලවිගේ මහත්මිය, අධ්‍යක්ෂ එන්.බී දොලවත්ත මහතා , ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය නිළධාරීන්, පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්, නිර්වින්දන වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතන නිළධාරින් ඇතුඵ පිරිසක් සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *