27 April 2024
#දේශීය

ලොක්ඩවුන් එපා කියලා උද්ඝෝෂණය කරනකම් ආණ්ඩුව බලා සිටිනවා – රවි කුමුදේශ්

ලොක් ඩවුන් එපා යැයි කියා උද්ඝෝෂණ කරන තත්වයට එන තෙක් ආණ්ඩුව බලා සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ නිවැදිරි ක්‍රමයට රට ලොක්ඩවුන් කරන්න කාටවත් වුවමනාවක් නොමැති බවයි.

එම මාධ්‍ය හමුවේදී මෙසේ ඔහු වැඩිදුරටත් පැවසිය “ගෙදර ඉදන් පෙති බීලා සනීප වෙන්න බැහැ. කොවිඩ් හැදෙන්න පෙර සාමන්‍ය ප්‍රතිශක්තිය සදහා දේශීය වට්ටෝරු ගණනාවක් තිබෙනවා. ඒවා ගැන ජනතාවට නිල අවබෝධයක් ලබා දෙන එක සෞඛ්‍ය අධ්‍යාපනා කාර් යාංශයේ වගකීමක්. නමුත් කොවිඩ් වලදීමෙන් පස්සේ විශේෂඥ වෛද්‍ය වරයෙක් වුණත් ප්‍රතිකාර ගන්න ඕනේ රෝහලක අධීක්ෂණය යටතේ පමණයි. ඒ නිසා ජනතාව එක එක වට්ටෝරු ගෙදර තියාගෙන බොන එක වරදක්. ඖෂධ නියාමන අධිකාරියට සුදු හුණු ගාපු මන්ත්‍රීවරු මෙන්ම අත්අඩංගුවට ගැනීමත් නාටකයක කොටසක්. තමන්ට ඕනේ ඖෂධ ගේන එකටත් එපා එක නවත්තන්නත් තමා බැලූ බැල්මට ඖෂධ නියාමන අධිකාරිය ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිවැරදි කර ගන්න එකට විරුද්ද්ධව රාජ්‍ය අමාත්‍යාංය සහ රජයේ ජනතා නියෝජිතයින් විශාල වෙහෙසක් දරණ එක ඇතුලේ හොරු කවුද කියලා පැහැදිළි වෙනවා.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *