• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බරපතල ආපදාවකට මුහුණ දීමට රජය සුදානම් – රාජ්‍ය ඇමැති පාලිත කියයි

22 August 2018
in දේශීය

ආපදා අවදානම හමුවේ ඊට මුහුණ දීමේ අවස්ථාවන්ද ප‍්‍රවර්ධනය කළ යුතු බවත්, ඒ කෙරෙහි රජය මූලික අවදානයක් යොමු කර ඇති බවත් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

සමස්ථ රාජ්‍ය යාන්ත‍්‍රණය ඊට සූදානම් කිරීම හා සමානව ජනතාවද සූදානම් කිරීම සඳහා වූ පුළුල් වැඩපිළිවෙලක් සම්පාදනය කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) දින අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාකින් අනතුරුව ප‍්‍රකාශයක් සිදු කරමින්.

පසුගිය කාලය හා සැසදීමේදී ශ්‍රී ලංකාවට ඇති ආපදා අවදානම ඉහළ ගොස් ඇති බවත්, ආපදා අවදානම අනුව 98 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මේ වන විට එම අනුපිළිවෙලේ 04 වන ස්ථානයට පත්ව ඇති බවත් ඔහු පැවැසීය. එබැවින් ආපදාවන්ට දැඩිව නතුවන රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙරට තුළ ඇතිවන බලපෑම් මෙන්ම ඊටත් වඩා පිටත රාජ්‍යවල හා අවට මුහුදේ සිදුවිය හැකි භූ කම්පනවල බලපෑම තදින් එල්ල විය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව හදුනාගෙන ඇති බවත්, එබැවින් භූ කම්පන හා ඒ මතින් ඇතිවන සුනාමි අවදානම් පිළිබඳ වැඩි අවදානයක් යොමු කිරීමට සිදුව ඇති බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

පසුගිය සති දෙක තුළද ඉන්දුනීසියාව හා ඊට සමීප ප‍්‍රදේශ කිහිපයක ප‍්‍රබල භූ කම්පන ඇති වූ බවත්, එවැනි තත්ත්වයකදී ඇති විය හැකි සුනාමි බලපෑම් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට විශේෂ යාන්ත‍්‍රණයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් ඔහු කියා සිටී. මෙවැනි අවස්ථාවක කෙසේ කටයුතු කළ යුතුද යන්න පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගැනීම මූලික කාරණයයි. ඒ පිළිබඳ නිරන්තරයෙන් ප‍්‍රායෝගික සිද්ධාන්ත සහිතව පෙරහුරු පැවැත්වීමට නියමිත බවත්, එහි පළමු අදියර සැප්තැම්බර් 05 දා සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. මුහුදු ප‍්‍රදේශ ආවරණ වන පරිදි සුනාමි සංඥා කුළුණු 28 ක් කි‍්‍රයාත්මක කරමින් ජාත්‍යන්තර විශේෂඥයින්ගේද අධීක්‍ෂණය මත එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙවැනි අවස්ථාවක කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ රාජ්‍ය නිලධාරීන්, පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශ වෙත විශේෂ පුහුණු සැසි පැවැත්වීමටද පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

 

Post Views: 16
Previous Post

ජපානය හා ශ්‍රී ලංකාව අතර සමුද්‍රිය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ

Next Post

OSL Magazine ප්‍රථම පිටපත ජනපතිට පිළිගන්වයි 

editor

editor

Next Post

OSL Magazine ප්‍රථම පිටපත ජනපතිට පිළිගන්වයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved