• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිවයින පුරා “උරුමය” ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කෙරේ – ඇමති ප්‍රසන්න

20 May 2024
in දේශීය, පුවත්
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

දිවයින පුරා “උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් යල් පැන ගිය නීති රීති හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කවල “උරුමය” ජාතික වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට බාධා මතුව ඇති බවයි.

එම ගැටළු හදුනාගෙන ඊට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් විශේෂ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමේ ඉලක්කය සපුරාලීමට හැකි වනු ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාල ගැටළු පිළිබඳව සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිපත්තිමය හා තාක්ෂණික වශයෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණ අතර ගම්පහ දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ප්‍රාදේශිය ලේකම්වරු ගැටළු ඉදිරිපත් කරන ලදි.

“උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉඩම් කච්චේරි පැවැත්වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඩම් කච්චේරි සති දෙකක් ඇතුළත අවසන් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

“උරුමය” වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු 15,000ක් ලබා දීමට නියමිතය. එය කඩිනම් කරන ලෙසද ඇමතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඊට අමතරව මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විළිකුලාකන්ද, මීරිගම් කන්ද, හාල්පන් කන්ද, දඹුකන්ද සහ කළුකන්ද යන කඳු පහේ ජීවත් වන 15,000කට අධික පිරිසකට හිමිකම් ඔප්පු ලබා දීමට හදුනාගෙන ඇත. වනසංරක්ෂණ අමාත්‍යාංශයත්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත් ඒකාබද්ධව ජනාධිපති ලේකම් කාර්යාලය හරහා එම ඔප්පු ලබා දීමට මේ වනවිට කටයුතු සිදු කරමින් පවතී. එයද කඩිනම් කරන ලෙස ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

ඉඩම් ඔප්පු ලබා දීමේදී ගැටළු තිබෙන ස්ථානවලට ගොස් ඒවා නිරීක්ෂණයට ලක් කර ගැටළු හදුනාගෙන ඒ සඳහා වන නීත්‍යානූකූල පියවර කඩිනම් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කඩිනම් කරන්නැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ට කීවේය.

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩසටහන පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා මේ වනවිට ගම්පහ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම කවුළුවක් විවෘත කර තිබේ.

මෙම වැඩසටහන සාර්ථකව සිදු කර ගෙනයෑම සඳහා අවශ්‍ය දැනුම ලබා දීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරින්ව දැනුවත් කිරීමේ පුහුණුවක් ලබා දීමටද මෙහිදී තීරණය විය.

1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් මෙතෙක් ඔප්පු ලැබී නොමැති ගොවි ජනතාව හා අඩුආදායම්ලාභීන් වෙත හිමිකම් ඔප්පු ලබා දිම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනාවකි.

“උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.

ප්‍රදීප් අනුර කුමාර

Post Views: 16,978
Previous Post

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට වාහක රෝග පිළිබද විශේෂ සමාලෝචනයක්

Next Post

පාර්ලිමේන්තු මැතිවරණයෙන් කට්ටියගේ හැටි බලාගන්න පුළුවන් – පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර

editor ttvnews

editor ttvnews

Next Post
පක්ෂ 14 ක් එකතුවෙන් පොහොට්ටුවේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී

පාර්ලිමේන්තු මැතිවරණයෙන් කට්ටියගේ හැටි බලාගන්න පුළුවන් - පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved