• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පැවරේ

27 May 2024
in දේශීය, පුවත්, සංවර්ධන
යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පැවරේ
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස ව්‍යාපෘති 04ක් ආශ්‍රීතව යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පවරා තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි.

ඒ අනුව කලුතර මත්තේගොඩ, නුවරඑළිය කුමාරගම, හොරණ අමරගම හා නිට්ටඹුව රංපොකුණගම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති ආශ්‍රීතව යෝෂිඩා පදනම පෙර පාසල් පවත්වාගෙන ගිය ඉඩම් එම පදනමට පැවරූ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි. ඊට අදාල හිමිකම් ඔප්පු ප්‍රදානය පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු බවද සභාපතිවරයා කියයි .

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන කාලයේ ගම්උදා ව්‍යාපෘතිය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම නිවාස ව්‍යාපෘති 04 ආරම්භ කර තිබිණ. එම නිවාස ව්‍යාපෘති ආරම්භ කළ කාලයේදීම යෝෂිඩා පදනම මඟින් එහි ජීවත් වන දරුවන්ගේ අධ්‍යාපන හා සුබ සාධන කටයුතු උදෙසා පෙර පාසල් ආරම්භ කර තිබේ. ඒ හිටපු ජනාධිපති ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේම ඉල්ලීමකට අනුව එම පෙර පාසල් එම ස්ථානවල පවත්වාගෙන ගොස් ඇත්තේ ජපාන ආධාර යටතේයි.

යෝෂිඩා පදනම මඟින් මෙම ස්ථානයන්හි පෙර පාසල් පවත්වාගෙන ගියද එම ඉඩම් කොටස්වල හිමිකාරිත්වය නොමැතිවීම නිසා ඒවා සංවර්ධනය කිරීමේ විවිධ ගැටළු පැන නැගී තිබිණි.

යෝෂිඩා පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් විසින් මීට පෙර සිටි රාජ්‍ය නායකයින් හතර දෙනෙකුටත් නිවාස විෂය භාර අමාත්‍යවරු 10 දෙනෙකුට අධික පිරිසකටත් එම ඉඩම් කොටස් නිරවුල් කර සින්නක්කර හිමිකාරිත්වය ලබාදෙන මෙන් ඉල්ලීම් කර තිබුණද එය ඉටු නොවූ බව සභාපතිවරයා කියයි.

වත්මන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙතද පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ සිය ගැටළුව ඉදිරිපත් කළහ. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඇමති ප්‍රසන්න මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතාට උපදෙස් දුන්නේ ඒ සම්බන්ධව නීත්‍යානූකූලව අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මෙම ඉඩම්වල සින්නකර හිමිකාරිත්වය ලබා දුන්නේ නිත්‍යානුකූල ක්‍රමවේදයට අනුව බවත්. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පනත අනුව නිවාස සංකීර්ණ පවත්වාගෙන යන ස්ථානවල සුබ සාධන වැඩසටහන් සඳහා අදාල ඉඩම් පැවරීමේ අයිතිය නිවාස සංවර්ධන අධිකාරිය සතු බවත් පෙන්වා දෙන සභාපතිවරයා පනතේ වගන්ති ප්‍රකාරව මේ සඳහා අවශ්‍ය පියවර ගත් බවද කියා සිටී.

ප්‍රදීප් අනුර කුමාර

Post Views: 19,010
Previous Post

නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවලින් වැළකී සිටින්න – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Next Post

අපි බංකොලොත් නෑ.. අපිට ජනාධිපති අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා – මහලේකම් සාගර

editor ttvnews

editor ttvnews

Next Post
අපි බංකොලොත් නෑ.. අපිට ජනාධිපති අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා – මහලේකම් සාගර

අපි බංකොලොත් නෑ.. අපිට ජනාධිපති අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා - මහලේකම් සාගර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්  සේවයේ යෙදවීම තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්

8 September 2026
නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved