• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

27 March 2024
in දේශීය, පුවත්
රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

මෙරට ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පිහිටි අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය” ඊයේ (26) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයාව පිළිගැනීමට එම රෝහලේ සිදුකළ සාර්ථක අක්මා ශල්‍යකර්මයක් තුළින් සුවය ලැබූ දැරියක එක්ව සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ දරුවන් සහ වැඩිහිටියන් අතර නිදන්ගත අක්මා රෝග ව්‍යාප්තිය ඉහළ යමින් පවතී. අක්මාව අකර්මණ්‍ය වීම සඳහා ඇති එකම ඵලදායී ප්‍රතිකාරය වන්නේ අක්මාව බද්ධ කිරීමේ ප්‍රතිකර්මයයි. මෙම සංකීර්ණ අක්මා රෝග වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා ඒ පිළිබඳ විශේෂඥ දැනුම සහ ඒ සඳහාම විශේෂිත වූ මිලෙන් අධික උපකරණ අවශ්‍ය වේ.

අක්මා බද්ධ කිරීමේ ප්‍රතිකර්මයක් සාර්ථකව සිදු කිරීමට හැකිවීම රටක සෞඛ්‍ය සේවාවේ වර්ධනයේ දර්ශකයකි. උතුරු කොළඹ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානය, පශ්චාත් උපාධි පුහුණුව ලබාදීම සඳහා ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අතර අක්මා රෝග සම්බන්ධයෙන් උසස් තත්ත්වයේ පර්යේෂණ සිදු කරමින් ශ්‍රී ලංකාවේ අක්මා පිළිකා සඳහා පවතින ප්‍රතිකාර පිළිබඳ විශාලතම දත්ත ගබඩාව ද මෙම මධ්‍යස්ථානය භාරයේ පවත්වාගෙන යයි.

එම්. එච්. ඕමාර් පදනම මෙම අක්මා රෝග විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන දෙක හමාරක මුදලක් පරිත්‍යාග කර තිබේ. එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා වෙත මෙරට ව්‍යවසායකයෙකු විසින් සිදුකළ විශාලතම පරිත්‍යාගය වන අතර එම්. එච්. ඕමාර් මහතා මෙරට ප්‍රකට බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයායි.

සමරු ඵලකය නිරාවරණය කර එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය” විවෘත කළ ජනාධිපතිවරයා එහි පහසුකම් නිරීක්ෂණය කිරීමට ද එක්විය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා , උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, ඕමාර් පවුල වෙනුවෙන් එම්. එච්. ඕමාර් මහතාගේ මුණුපුරු බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ හසිබ් ඕමාර් මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී. ජී. මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6,982
Previous Post

Shakthi Crown වැඩසටහනේ නිල දුරකථන සේවාව ලෙස HUTCH පත්වෙයි

Next Post

පෙරේරා ඇන්ඩ් සන්ස් ‘මනු මෙහෙවර’ තුළින් නැවතත් ග්‍රාමීය ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම්

editor ttvnews

editor ttvnews

Next Post
පෙරේරා ඇන්ඩ් සන්ස් ‘මනු මෙහෙවර’ තුළින් නැවතත් ග්‍රාමීය ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම්

පෙරේරා ඇන්ඩ් සන්ස් ‘මනු මෙහෙවර’ තුළින් නැවතත් ග්‍රාමීය ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved