27 April 2024
#දේශීය

නෙළුම් කුළුණ සැප්තැම්බර් 15 වනදා සිට මහජන ප්‍රදර්ශනයට

නෙලුම් කුළුණ එළඹෙන 15 දා සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන බව, නෙළුම් කුළුන පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ නෙළුම් කුලුණ පරිශ්‍රයේදී අද (12) ජනමාධ්‍යවේදීන් හට නෙළුම් කුළුණ නිරීක්ෂණය කිරිමේදී පැවැති මාධ්‍ය හමුවේදිය.

සමරසිංහ මහතා එහිදී පැවසුවෙ නෙළුම් කුළුණ පරිශ්‍රයට ඇතුල් වීමසඳහා ප්‍රවේශ පත් මිලදී ගත යුතු අතර , ප්‍රවේශ පතක් රුපියල් 2000 සහ රුපියල් 500 යන මිල ගණන් යටතේ බවයි. පාසල් ළමුන් සඳහා ප්‍රවේශපතක මිල රු 200ක් වේ. විදේශිකයින් සඳහා ප්‍රවේශපතක් ඩොලර් 20කි. රු500ට අලෙවි වන ප්‍රවේශ පත් යටතේ කුළුණේ උඩට යාම කණ්ඩායම් වශයෙන් සිදු කරන අතර රු 2000ට අලෙවි වන ප්‍රවේශපත් යටතේ තනිව ගොස් එය නැරඹිය හැකිය. විඳගත හැකිය.

ඒ අනුව 15 වැනිදා සිට සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වාත්, සති අන්තයේ දහවල් 12.00 සිට රාත්‍රී 11.00 දක්වාත් නෙළුම් කුළුණ නරඹන්නන් සඳහා විවෘත වන අතර එය පෙරවරු කාලයේ පාසල් චාරිකා පැමිණෙන සිසුන් වෙනුවෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇත.

ඉදිරි මාස කිහිපය තුළ ප්‍රවේශ පත්‍රය වෙනුවට කියු.ආර් කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි ද සමරසිංහ මහතා පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *