27 April 2024
#දේශීය

නිදහස් පක්ෂයේ බහුතරය ඉන්නේ මං ළගයි – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා

පාස්කු ප්‍රහාරය සිදු කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බලයට එමට සිදු කල ක්‍රියාවක් බව සියළු දෙනා දන්නා බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අද (23) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදියි.

එහිදී ඇය කියා සිටියේ තමා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හිටුවාට කිසිදු කනගාටුවක් නොදක්වන බවයි. එසේම මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතාව බහුතරය ඉන්නේ තමා ළග බව නිර්මල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන පිරිසක් එක්ක වැඩ කිරීමට තමා සුදානම් බවයි.

පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයින් ඔක්කෝම එලවලා එහාට මෙහාට පනින කෙනාව තියාගෙන මෛත්‍රිපාල සිරිසේන සිටින බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *