• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීමේ යාන්ත්‍රණය සකසා අවසන්

2 September 2021
in දේශීය

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීමේ යාන්ත්‍රණය සකසා අවසන් බව රේඛීය ආයතන රාජ්‍ය නිලධාරිහු පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (02) Webex යෙදවුම ඔස්සේ පැවති මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණය කෙරිණ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සතිපතා පවත්වන මාධ්‍ය හමුව කොවිඩ් වසංගතය හේතුවෙන් Webex යෙදවුම ඔස්සේ පැවති අතර “කාබනික පොහොර භාවිතය හා නියාමනය” අද මාතෘකාව විය.

ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන රාජ්‍ය නිලධාරීහු සහ සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජිතයෝ ඊට එක් වූහ.

දේශීය කාබනික පොහොර නිෂ්පාදනයට රජය පියවර ගෙන ඇතත් ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කරමින් අදාළ ඉලක්කය සපුරා ගැනීමට පවතින තත්ත්වය හමුවේ බාධා එල්ල විය. ඒ හේතුවෙන් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර හිඟ ප්‍රමාණය ආනයනයට සහ පළිබෝධ නාශක පනතින් ආවරණයවන ජෛව පළිබෝධ නාශක භාවිතයට සූදානම් බව ද මෙහිදී අනාවරණය කෙරිණි.

ඒ සඳහා පොහොර උපදේශක කමිටුවේ පූර්ණ අනුමැතිය හිමිව තිබේ. මෙම කාබනික පොහොර රසායනාගාර සහ ජෛව විවිධාත්මක පර්යේෂණයන්ට භාජනය කිරීමෙන් අනතුරුව ගොවීන්ට ලබා දෙන බවට ද නිලධාරීහු සහතික වෙති.

කාබනික පොහොර නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිමය හෙක්ටයාර් 02කට යටත්ව මූල්‍ය ප්‍රදානයන් සිදු කෙරේ. ඒ සඳහා අයඳුම්පත් මේ වන විටත් නිකුත් කර ඇති අතර, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් හෝ ගොවිජන මධ්‍යස්ථානවලට සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාරදිය හැකි බව ද නිලධාරීහු පවසා සිටියහ

අදාළ ගොවීන්ගේ පෞද්ගලික ගිණුමට මුදල් බැර කරන අතර ගිණුම් නොමැති ගොවීන් සඳහා විශේෂ ක්‍රමවේදයක් යටතේ මූල්‍ය සහනාධාරය ලබාදීමට සැලසුම් කර තිබේ. කාබනික පොහොර නිෂ්පාදනයට ඉඩ පහසුකම් නොමැති ගොවීන්ට වෙනත් පාර්ශ්වයන්ගේ කාබනික පොහොර ලබා ගැනීමට අවස්ථාව ඇති බවත් ඔවුන්ට එම මුදල් ප්‍රතිපූර්ණය කරන බව ද සඳහන් කෙරිණ.

ඉදිරියේ දී ආනයනික සහ දේශීයව නිෂ්පාදන කරන සියලු කාබනික පොහොර සඳහා QR ඛේතයක් නිකුත් කෙරෙන අතර ඒ හරහා ඕනෑම අයෙකුට එහි ප්‍රමිතිය පරීක්ෂා කළ හැකි බව ද අනාවරණය කෙරිණි.

1920 ක්ෂණික දුරකථන අංකය මගින් ගොවි ගැටලුවලට විසඳුම් ලැබෙන අතර සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි තාක්ෂණික නිලධාරී කණ්ඩායමක් ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා සූදානම් කර තිබේ.

කාබනික පොහොර භාවිතය සමග තේ කර්මාන්තයට එල්ල වී ඇති අභියෝග පිළිබඳ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දුන් නිලධාරීහු සඳහන් කළේ ආනයනික පොහොර නිදර්ශක තේ පර්යේෂණ ආයතනය මගින් මේ වන වටත් පර්යේෂණවලට භාජනය කර ඇති බවත් ඒ අනුව වඩාත් සුදුසුම කාබනික පොහොර ඉදිරියේ දී නිර්දේශ කරන බවත්ය.
මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර, දේශීය නිෂ්පාදනය, ආනයනය, සහනාධාර, තාක්ෂණික සහාය, දැනුවත් කිරීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය සඳහා රුපියල් බිලියන 26.62ක මුදලක් වැයවන බවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය නිලධාරීහු පෙන්වා දුන්හ.

රසායනික පොහොර ආනයනය සඳහා වැය වූ රුපියල් බිලියන 22.71ක මුදලින් වැඩි කොටසක් අපේ රටේ ගොවින් අතට පත් කිරීමට මේ සමග හැකි වූ බවද ඔවුහු කියා සිටිති.
කාබනික පොහොර භාවිතය සමග රටේ තරුණ ව්‍යවසායකත්වයක් ගොඩනැගී තිබේ. ඔවුන් සඳහා රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියනය දක්වා සහන පොලී ණය ලබාදීමට දැනටමත් ක්‍රියාකරන අතර අඩු ආදායම්ලාභීන් සඳහා සහන මිලට අදාළ යන්ත්‍රෝපකරණ ලබාදීම සිදු කෙරෙන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

කිසිවිටෙකත් ගොවියා තනි නොකරන බවට සහතිකයක් දුන් රාජ්‍ය නිලධාරීහු ඇතැම් මාධ්‍ය හා විවිධ කණ්ඩායම් පවසන ආකාරයේ ආහාර හිඟයක් හෝ සාගත අවධානමක් කාබනික පොහොර ප්‍රතිපත්තිය හමුවේ රට තුළ මතු නොවන බව ද අවධාරණය කළහ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමාසාරිස් ජනරාල් එච්.එම්.එල්. අබේරත්න, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල, කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාබනික පොහොර උපදේශක ආචාර්ය ජේ.බී. හේමන්ත විජයවර්ධන, තිරසර කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය එම්.එස්. නිජමුදීන් යන මහත්වරු Webex යෙදවුම ඔස්සේ මාධ්‍ය හමුවට එක් වූහ.

 

 

 

Post Views: 8
Previous Post

ඩයලොග් T20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සවිබල සපයයි ‌

Next Post

එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව 06 සහ 07 දිනවල පමණයි

editor

editor

Next Post

එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව 06 සහ 07 දිනවල පමණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved