27 April 2024
#දේශීය

එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව 06 සහ 07 දිනවල පමණයි

එළඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් 06 සහ 07  දෙදින පමණක් රැස්වීමට අද (02) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කළේය.

එමෙන්ම 06 වන සඳුදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස, ප්‍රශ්නවලට පිළිතුරු දීමට කලින් වෙන්කර තිබුණත්, අත්‍යවශ්‍ය ආහාර සේවා පවත්වාගෙන යාම පිණිස පනවා ඇති හදිසි නීති රෙගුලාසි, එදිනට  විවාදයට ගැනීමට, අද තීරණය කෙරුණ බව , සභානායක , අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

07 වැනිදා පනත් කෙටුම්පත් කිහිපයක් විවාදයට ගනු ඇති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *