• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුද්ගලික අංශයේ අවම වැටුපද වතු කම්කරු වැටුප ද ඉහළ දමනවා – ඇමැති මනුෂ

22 June 2022
in දේශීය

පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ජීවන වියදමට සරිලන ආකාරයට පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දමන බවත්, ඒ සදහා අවශ්‍ය වන නීති රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත් ඇමැතිවරයා කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා ” අපි අලුත් විදියට ගැලපෙන විදියට අලුත් ලෝකයට ගැලපෙන කර්මාන්ත වැඩි කරන්න, ආයෝජකයින් වැඩි කරලා වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයන් ලබාදීමට, රැකියාවල ගුණාත්මකභාවය ඉහළ දැමීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපි නීති රීති වෙනස් කළ යුතුයි. කාන්තාවන්ට පිරිමින්ට කියලා වෙනස්කම් කිරීමට පනවලා තියෙන නීති වෙනස් කළ යුතුයි. ස්ත්‍රී පුරුෂ භේධයකින් තොරව කටයුතු කරන වැඩ ලෝකයක් අපි නිර්මාණය කළ යුතු වෙනවා. අලුත් ලෝකය ගොඩ නැගීමේදී ශ්‍රමිකයින්ගේ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදීමටත් අපි කටයුතු කරනවා.
කම්කරුවන් මේ දවස්වල ජීවත්වෙන්නේ අමාරුවෙන් කියලා හැමෝම කියනවා. මේක සියයට සියයක් ඇත්ත කතාවක්. කෑම බීම මිල ඉහළ ගිහින්. තෙල් ටික ගහගන්න අමාරුයි. මේ නිසා පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීමට අපි සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී නිශ්චිත අවම වැටුපක් පනවා, පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප දැනෙන ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා. ඒ වගේම වතු කම්කරුවන්ගේ පැත්තෙනුත් වැටුප් ඉහළ දමන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා පවත්වා, වතු කම්කරුවාටත් දැනෙන වැටුප් වර්ධකයක් ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අමාත්‍යාංශය පෙනී සිටිනවා. අපි ඔවුන් ආරක්ෂා කිරීමට කැපවෙනවා.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 17
Previous Post

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල බෙහෙත් හිඟයක් නෑ – අමාත්‍ය කෙහෙළිය

Next Post

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

editor

editor

Next Post

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved