• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දරුවන්ගේ ආරක්ෂාව ප්‍රමුඛත්වය දී පාසල් වීවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති පවසයි

16 June 2021
in දේශීය

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමුඛතාවය ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ දී විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පාසල් විවෘත කිරීමට පසුබිමක් ක්‍රමානුකූල ව සකස් කිරීම සඳහා පැවති සාකච්ඡාව අවසානයේ දී මාධ්‍ය අමතමිනි.

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමුඛතාවය ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය බවත් එහි ප්‍රථම පියවර එන්නත්කරණය බව ත් ඒ සඳහා දළ වශයෙන් එන්නත් මාත්‍රා 279,020ක් පමණ අවශ්‍ය බව ත් එසේ විවෘත කිරීමේ දී ඇතිවන ගැටලු සම්බන්ධ ව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,” කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පාසල් සියල්ල වසා දමන්නට අපට සිදු වී තිබේ. මෙම කාලසීමාව තුළ සිසු දරුවන්ට සිදුවන හානිය අවම කරගැනීම සඳහා ගුරුගෙදර, ඊ තක්සලාව වැනි වැඩසටහන් රාශියක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දියත්කොට තිබෙන අතර මාර්ගගත දූරස්ථ අධ්‍යාපනය අනුව අධ්‍යයන කටයුතු සිදු කෙරේ.

එසේ වුවත් දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් ම පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවේ. ඒ සඳහා සූදානම් වීමට සෑහෙන තරම් කාලයක් අවශ්‍ය වනු ඇත. විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ නිර්දේශ මත පමණක් පාසල් විවෘත කිරීම සිදුකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය තීරණයක් ගෙන තිබේ.

එහි පළමු පියවර එන්නත්කරණය වන අතර අධ්‍යාපන වැඩපිළිවෙළට අදාල සියලු දෙනාට එන්නත් ලබා දීම අතිශයින් වැදගත් වේ. අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා දළ වශයෙන් එන්නත් 279,020ක් අවශ්‍ය වේ. එන්නත්කරණය තුළින් ගුරුවරුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය මෙන්ම දෙමාපියන් තුළ විශ්වාසය ගොඩ නැඟීම ද සිදුවෙනු ඇත.

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමුඛතාව ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාශය වන අතර පාසල් සිසුන් සෞඛ්‍ය ආරක්ෂිතව ප්‍රවාහනය පිළිබඳව ද විශේෂ අවධානය යොමු ව ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මෙන්ම පාසල් කටයුතු අතිරේක ලේකම් එල්.එම්.ඩී ධර්මසේන මහතා හා අමාත්‍ය මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

Post Views: 8
Previous Post

ගෑස් වැඩි නොකර පාඩුව අවම කිරීමට විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරිමේ සැලසුමක්

Next Post

ආණ්ඩුවෙන් සුළු පක්ෂ හැලෙයිද..! විපක්ෂනායකකම වෙනස් වෙයි !

editor

editor

Next Post

ආණ්ඩුවෙන් සුළු පක්ෂ හැලෙයිද..! විපක්ෂනායකකම වෙනස් වෙයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved