• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැලි බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව පරිසර අමාතවරයා පවසයි

11 September 2021
in දේශීය

වැලි ජාවාරම්කරුවන්ගෙන් වැලි බේරාගැනීමට විධිමත් සමූපකාර ක්‍රමයක් ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ පළාතේ රාජ්‍ය නිලධාරින් සමග පැවති විශේෂ හමුවකදීය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දැනට රටට අවශ්‍ය වැලි ප්‍රමාණය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් සහ නැගෙනහිර පළාතෙන් සපයා ගන්නා බවයි. එහිදී විශාල පාරිසරික ගැටළු ප්‍රමාණයක් මතුවී ඇති බව තමන් ද පිළිගන්නා බව අමාත්‍යවරයා කිවේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම් බලපත්‍ර 300ක් නිකුත් කිරීම සඳහා අවසරය තිබියදී පසුගිය වසරේ පමණක් බලපත්‍ර 1300ක් නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදි හෙළි කළේය.

ඉදිරි කාලය තුළ එම තත්වය වෙනස් කිරීමට අවශය කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහිදි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය කියා සිටියේ බලපත්‍ර ලබාදිමේදි සිදු වන අක්‍රමිකතා වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ සිය පළාතට පැමිණෙන්නේ දූෂිතම නිලධාරින් නිසා බවය. එවැනි නිළධාරින් දේශපාලන අධිකාරියේද යම යම් සහයෝගයන් මත රජය සහ රට අපකිර්තියට පත් කරන බවද ආණ්ඩුකාරවරිය කීවාය .

මේ සඳහා හොඳම විසදුම කමිටුවක් හරහා බලපත්‍ර ලබදීම බවද ආණ්ඩුකාරවරිය කීවාය.

මෙම හමුවේදී නැගෙනහිර පළාතේ නීති විරෝධි වැලි කැණිම් සිදු වන බවට පසුගිය දා පාර්ලිමේන්තුවේදි චෝදනා කළ ශානක්‍යන් රාසමානික්කම් මහතාගේ ප්‍රකාශය පිළිබදව ද සාකච්ඡා කෙරිණි. එහිදි අමාත්‍යවරයා අවධාරණය කළේ කිසිම විදේශ රටකට මෙරටින් වැලි යවා නොමැති බවයි. රටේ අවශ්‍යතාවයට තරම්වත් මෙරට වැලි සංචිත නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙම හමුව සදහා පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූවිද්‍යා සහ පතල් කැණිම් කාර්යංශය නියෝජනය කරමින් නිළධාරින් සහභාගි වු අතර නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

 

 

Post Views: 21
Previous Post

සලාක යුගයක් රටේ නිර්මාණය වෙලා – විපක්ෂ නායක

Next Post

කබ්රාල්ට නැවත මහ බැංකු අධිපති කිරීම දේශපාලන බංකොලොත්භාව බව කිර්ති කියයි

editor

editor

Next Post

කබ්රාල්ට නැවත මහ බැංකු අධිපති කිරීම දේශපාලන බංකොලොත්භාව බව කිර්ති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved