27 April 2024
#දේශීය

ඉදිරි මාස හයට රටට අවශ්‍ය ඖෂධ ගැන වාර්තාවක් සෞඛ්‍ය ඇමති නිලධාරීන්ගෙන් ඉල්ලයි

ඉදිරි මාස හය සදහා රටට අවශ්‍ය ඖෂධ පිළිබඳ පුර්ණ වාර්තාවක් හෙට (12) දින වන විට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ නිලධාරීන්ට අද (11) උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව මාස තුන බැගින් වන කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කරමින් මෙම වාර්තාව සකස් වියයුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙම වර්ෂය තුළ මෙරටට අවශ්‍ය ඖෂධ සැපයුම සම්බන්ධයෙන් අද (11) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ජාවකදීය.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද මෙම සාකච්ජාවට එක්ව සිටියේය.

මෙම සාකච්ජාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) වෛද්‍ය ඩී.ආර්.කේ.හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *